Thursday, February 09, 2012

තුන්වෙනි කොටස

අතුල සර්ගෙ කාර් එකදැකලා අපි පංතියට ආවට පස්සෙයි දැන ගත්තෙ අද සර් ක්ලාස් එක කරන්නෑ කියලා.. මං දැක්කා පිරිමි ළමයි ඔක්කොම සතුටින් කෑගහපු හැටි.. ඒත් මගේ හිත ඇතුලට අමුතු පාළුවක් දැනුනා.. සමනලී මාව තේරුන් ගත්තද කියලා මම දන්නෑ.. එයාගෙ ඇස් වලත් මං ගැන අනුකම්පාවක් තිබුනා කියලයි මට දැනුනෙ..මං ගෙදර යන්න ආස නෑ.. කිසිම නිදහසක් නැති කූඩු වෙච්ච ජීවිතය ඇතුලෙ හැමදාම‍ වේදනාවෙන් පුපුරු දෙන හිත මතක් උනා..

කෙල්ලෙ.. අපි යමුද... සමනලී මගේ ලොකෙයෙන් මාව එලියට ගත්තා..

හ්ම්ම්ම්ම්.. අරමුණක් නැතුවම පියමනිමින් මා සමනලී සමග බස් නැවතුම වෙත ඇදෙන්නට විය.

‍ඒයි බලපල්ලකෝ.. අන්න ඔයාගෙ ලයින් එක සෙරප්පු හදන කෙනා ලග.

යන්න සමනලී යන්න.. ඔයා හරිම නරකයි.. බලන්න එයාගෙ හැටි..

සැබැවින්ම මා ඔහු දෙස උවමනාවෙන් බලා නැත..අද ඔහු නෙත මා නෙත් හමුවේයැයි මා කිසිලෙසකින් වත් බලාපොරොත්තු නොවූවෙමි.. පෙර දින කිහිපය ඔහු මා පසු පසින් පැමිණි බව මා දනිමි.අපිලිවෙලකට ඇති හිස කෙස් නිසාවෙන් විටක ඔහු රස්තියාදුකාරයෙකැයි සිතුයි.. කිසි පිළිවෙලක් නැති ජීවිතයක් ඔහු ගත කරන බව බැලූ ඕනෑම කෙනෙකුට පෙනෙනු ඇත. සුපුරුදු ලෙසින් වැහි පොද පොළව සිපගන්නට විය.. ඔහු දෙස කොපමණ වෙලාව් බලා සිටියාදැයි මා නොදනිමි.. මගේ සිත ඔහුට ලං වීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතු බව මා දනිමි..

බසයක් අප දෙපා අසල නැවතුන පසුව මා සමනලී දෙස බැලුවෙමි..ඇය මා‍ දෙස සිනාමුසු මුහුනින් බලා සිටී

පරිස්සමින් කෙල්ලෙ... ඔය රස්තියාදුකා‍රයො විශ්වාස කරන්න එපා..

පිස්සුද සමනලී.. ඔයා දන්නවනේ මං ඔය වගේ අයට ආස නෑ කියලා....අපි යමු මේ බස් එකේ..

සිහින් පොද යටින් කම්මැලි කමට මෙන් බස් රථය නිවස දෙසට ඇදෙන්නට විය..නිවස යමු මා හට හිරගෙයකි..මා නිවස තුල සිරකරුවෙකු මෙනැයි නිතර සිතට වද දෙන්නට විය. මේ සියළු බැඳිම් බැද මා තව මාස කිහිපයකින් උසස්පෙළ විභාගයට මුහුණ දිය යුතුය.මගේ හිත තේරුන් ගැනීමට මා අසල කිසිවෙකුත් නොමැත.විටක මා කාට හෝ ආදරය කලයුතු යැයි මා සිත වද දෙයි.නිවසින් එයට කිසි දිනකවත් ඉඩ නොලැබෙන බව මා දනිමි.. මේ සියලු බර හිස මත තබාගෙන නිවස තුලට වන්නෙමි..

මොකෝ දුව අද ගිය ගමන්..

ක්ලාස් අද නෑ අම්මා....... පිළිතුර ඇය වෙත ලබා දෙමින් කාමරය තුලට වැඳ දොරගුළු දැමූ මා ජලෙන් කවුළුව මතින් දෑස යොමා පොළව සිඹින වැහි පොද දෙස බලාගෙන තනිකම තුරුළු කරගන්නට විය..

..................................................................................................................

මම කිරුලපන හන්දියෙන් බැහැල ඉස්සරහට ඇවිදලා සන්ඝබෝදී මාවතට හැරුනා.ටෙක්ලාගේ ගෙදර ලයිට් දාල තිබුනේ .. මම හෙමින් ගේට්ටුව ඇරියා..සද්දේ දැම්මොත් අහල පහල ගෙවල් වල ඉන්න බලු පරයෝ ටික ඇහැරුනොත් ඉවරයි.දොර ලගට යනකොටම ඒක අරුනා. ''ටෙක්ලා ''

'' එන්න ඇතුලට ටක් ගාල''
ටෙක්ලා මාව ඇතුලට අරන් දඩස් ගාලා දොර වැහුවා.
''මොකක්ද සීන් ඒක ?''
''ඉස්සරහ ගෙදර නාකිය දොර රෙද්ද උස්සන් බලන් හිටිය මම දැක්කා''
''ආ .. සුපුරුදු දේ නේ මිනිහගේ ''
මම මැද සාලයේ සොෆාවේ පත බැවුනා.ටෙක්ලා ඇවිත් සෝෆා එකේ මගේ කකුල් දෙක ලග ඉදගෙන මගේ කකුල් දෙක එයාගේ උකුල උඩින් තියාගත්තා.
'' හ්ම්ම් දැන් කියන්න මොකක්ද අවුල ?''  ටෙක්ලා ඇහුවේ මගේ කකුල් දෙක මිරිකන ගමන් . පට්ට සැප
'' ඇයි අවුල් උනාම විතරද මම මෙහෙ එන්නේ ?''
''අනේ මේ මගෙන් ප්‍රශ්න අහන්නේ නැතුව අහපු එකට උත්තරයක් දෙන්න..'' ටෙක්ලා දකුණු කකුලේ මාපඩඇගිල්ල ටක් සද්දෙට ඇද්දා.
''අද බෝඩිමේ පාටි එක'' මම කම්මැලි කමට කියල දම්ම.''
''ඉතින් මේ පන්ඩිතයට දිරවන්නේ නැති මොකක් හරි වෙන්නැති'' ටෙක්ලාට සිරාවට මාව කියවන්න පුළුවන්. එකී මගේ කකුල් දෙක පපුවට තියල තද කරගත්ත .. හිර වෙලා මිරිකිලා  ඉන්න හංසයෝ නිදහසේ පියබන්න පට්ට ඕනි කමකින් ඉන්නවා කියල දැනුනා. එත් මං හිටියේ අම්බානක මල පැනපු මුඩ් එකක.
'' අයියෝ මොකද උනේ කියල කියන්නකෝ ''
''අපේ උන් සෙට් උනා.මමත් දෙක තුනක් දැම්මා.ජොයින්ට් පාරකුත් ඇද්දා. උන් ටික ඔය ගැන කියල ආතල් ගන්න පටන් ගත්තනේ..උන් හැම එකාම කතා කරේ උබත් එක්ක බුදිය ගත්ත විදිය .''
ටෙක්ලා හයියෙන් හිනා වෙන්න ගත්තා.
'' ඉතින් ඔයාට එකට මල පැන්නා. හිනාව අස්සෙම එකී ඇහුවා.
''මල පැන්නේ උන් උඹ එක්ක බුදියගත්ත ඒකට නෙමේ බන්. මට දිරෙව්වෙ නැත්තේ උන් හැම එකාම එතන පොර වෙන්න හදපු හැටි. උන් කතා කරන්නේ මාර නිදහස් අමු සත්තු වගේ.. එත් පොඩි ඉඩක් හම්බුනාම හැම එකාම හදන්නේ පොර වෙන්න. .දෙකක් දාල ජොයින්ට් එකක් ඇදල ආතල් එකේ ඉන්නකොට ඒ ආතල් අස්සේ අපේ උන් පොර වෙන්න පොරකනකොට මගේ ආතල් දුවනවා හැරෙන්නෙත් නැතුව .''
ටෙක්ලා සුසුමක් හෙලුවා..
''ඔයා හිතනවා වැඩි''
''මම ආතල් කුඩු කරගන්නේ නැතුව මෙහෙ ආවා.''
ටෙක්ලා මට ලං උනා.මම හිනා උනා.. මට හොදට වැදිලා තිබුනේ.ටෙක්ලා මාව තදට ඉම්බා.මම හිනා උනා..මට හොදටම වැදිලා හිටියේ. ටෙක්ලා සම්පූර්ණයෙන්ම මාව වහගත්ත .සුවදයි.. පිච්චුනු මල් සුවද එක්ක නාහේ අස්සට රිංගුවේ මට පුරුදු ටෙක්ලාගේ සුවද..  '' කාමරේට යමුද  ''
''මෙතන හොදයි '' මං කිව්වා


සිවිලිමේ හයියෙන් කරකැවෙන ෆෑන් එක වගේ මගේ හිතත් පට්ට වේගෙන් හැම තැනම දිව්වා .මාසේ අන්තිම අම්මට බෙහෙත් ගන්න කීයක් හරි යවන්න ඕනි ..නංගිගේ පොතට ගානක් දාන්න ඕනි . තාත්තගේ දානේ..
''පොත් ලියල හම්බ කරන්න බෑ බන්'
''හ්ම්ම්''
ටෙක්ලා නින්දෙන් උත්තර දුන්නා.
තේරුමක් නැතුව ජිවිතේ ඇවිදින එකෙත් තේරුමක් තියනවා. මම ටෙක්ලට තුරුල් උනා. තේරුමක් නැති ජිවිතේ අහම්බයක් වෙන්න මම ආසයි .මම ටෙක්ලාගේ දිගැටි ගෙල සෙමෙන් සිප ගතිමි ..

''මම හිස් වෙලා බන්.ලියවෙන්නේ නෑ මට දැන් .''මම ඇගෙ ලැම මත මගේ සුසුම් සැගවීමි.. ''  ඇද ඇතිරිලි අතර  සැගවී  තිබු ජංගමයා කෙදිරි ගාන්නට විය..
''අඩෝ කොහෙද ඉන්නේ ? '' කන ලග බෙරිහන් දුන්නේ වත්තේ ලයනල් ය.
'' කියපන් මොකක්ද සීන් එක ?''
'' අන්න රංගය කන පාත් වෙන්න බීල කිරුලපන හන්දියේ ටෙක්ලාව හොයනවලු '' .......................
                                                 

9 comments:

  1. උඹ හරියට ගෙදර තියෙන තැන කිවුවෙ නැහැනෙ බං :@

    ReplyDelete
  2. රංගයා විතරක් නෙවී කිරුළපන වැඩ වාසය කරන තවත් පොරක් නොබීම ටෙක්ලව හොයනවා දැන්... හක හක හක :D :D :D

    ReplyDelete
  3. Ammata hudu... Matath kiyapan rhana ubala ta hambunoth

    Ko dan rekay sudarmay ?

    ReplyDelete
  4. හප්පට සිරි ගජ :D සිරි රජ සිරි!!

    ReplyDelete
  5. ඇයි බං දැං මාලදිවයිනේ කරවළ වාඩි වල උනුත් ටෙක්ලා ගැන හිතනවා කියන්නේ... :D

    ReplyDelete
  6. ඇත්තටම කව්ද බං මේ ටෙක්ලා කියන්නේ

    ReplyDelete
  7. ටෙක්ලා අපිව විනාස කලා..................

    ReplyDelete
  8. සැරට ලියපු එකක් කියවන්න හම්බුනා max. ඈ බන් ඇත්තටම ඔය ටෙක්ලා ඉන්නේ සංගබෝධි පාරේද නැත්න්ම පාරෙන් අනික් පැත්තේ සීබල් එකේ ද

    ReplyDelete