Sunday, March 11, 2012

සයවන කොටස ....

පංතිය පුරා එකම ගාලගෝටියකි.. ඒ මේ අත දුවන පිරිමි ළමයින්ද.. අප හිස් උඩින් පියාසර කරන කඩදාසි රොකට් වලින්ද පංතිය පීරී පැවතුනි..ඩෙස් අතරින් රිංගා තරුෂි සහ සමනලී අතරින් මා හිඳ ගතිමි.. තරූෂි සැබැවින්ම කෙලිලොල්ය.. ඇය සමග සිටින විට ජීවිතය එකම විනෝදයකි..

නෙතලි... මොකද මහේෂ් අයියා කිව්වෙ... සමනළී මා දෙස නෙත් යොමා බැලුවේ පෙර දින මතකය අලුත් කරමිනි..
මුකුත් නෑ.. නිකං මාව මතක් වෙනවලු..
ආවු ආවු.. මෙයාට එයා ලයින්ද කොහෙද...
පිස්සුද සමනලී.. මං එයාට ආස නෑ.. මං ආස එයා වගේ විසේකාර කොල්ලෙකුට නෙමේ කියලා දන්නවනේ..

ඒයි ජෝඩුව.. අර බලපං අර කොල්ලා..සිරා බං.කොටු ෂර්ට් එකක් ඇඳන් ඉන්නෙ.... මං ආසම.. ‍අප දෙසට බර වුන තරුෂි හෙමින් මුමුණන්නට විය..

කෝ... සමනලී පංතිය පුරා නෙතු යොමන්නට විය..
කවුද අර රතුපාට කොටු ෂර්ට් එකද... සමනලී ඔහු හදුනාගන්නට විය..
කෝ අනේ... අර අතන සුදු ටීෂර්ට් එක ලගද.. ඒ දෙසට ඇගිල්ලක් දිගු කර මා පෙන්වන්නට විය..
"හයියෝ.. ඉවරයි ඉවරයි..තමුසෙ නන් මොකෙද්ද මන්දා.. බලපං දැන් උන්ට නෝන්ඩිනේ..මේකි මැටි මෝලෙක්... " මා දෙස ඔරවමින් තරුෂි මුමුණන්නට විය..
ඇයි මොකද උනේ..
මොකද.. බලපං.. උඹ ඇගිල්ල දික් කරලා.. වටේටම නොන්ඩිනේ.. මොලයක් නැද්ද මන්දා.. හයියෝ...මෙයා නන් කවදා හැදෙයිද මන්දා.. චූටි බබෙක් නෙ...ඇය ඔරවමින් මුමුණන්නට විය
මා හට මා ගැනම දුකක් ඇති වුවද ධම්මික සර්ගේ පැමීණිමෙන් ශාලවම නිහඩ විය.....

පංතිය අවසානයේ නුගේගොඩ කිරි හලට වැද කිරි පැකට් කිහිපයක් ‍මිලදී ගතිමි. දිනේශ් සහ ඔහුගේ යාහළුවන් කිහිප දෙනෙකු එක්ව අප දෙසට එනු පෙනින..

මොකෝ ගෑණු ළමයි ටික කියන්නේ.. අපි බීච් යමුද.... සමනලී අසලට පැමිණි ඔහු අපගෙන් විමසන්නට විය..
නෙතලි යමුද....
අනේ බෑ සමනලී.. දන්නවනේ.. මට එන්න බෑ කියලා..
යමු නෙතලි.. සමනලීත් ඉන්නවනේ.. ඔයාට බය වෙන්න දෙයක් නෑ.. භාර කාරයා ඉන්නවනේ.. සමනලී දෙස ඔච්චමට බැලූ දිනේශ් ඇයගේ අත අල්ලාගෙන ඉදිරියට ඇදෙන්නට විය...

මාද ඔවුන් පසුපස ඇදුනේ හිත තුල තීබූ භිතීයට වඩා ආශාව වැඩිවු නිසා යැයි මා කල්පනා කරන්නට විය..

වැල්ලවත්ත මුහුදු තීරය මත සෑදෑ හිරු රැස් පතිත වී තිබිණ.. රන්වන් පාටින් දිදුලන වැලැ කැට දෙපයට සුව දෙන බව දන්නා නිසාවෙන් පාවහන් යුගල ගලවා ගත් මා සෙමින් ඇවිදින්නට විය..හමා එන සුලගත් සමගින් සිත සැනසිල්ලේ පාවෙන්නට විය.. සමනලී හා ඔහුහට තනිවෙන්නට ඉඩ හැර මා අසල ඇති ගල්පරයක් මත හිද ගතිමි.. සුළගට දඟ කරන කෙහෙරැලි මගේ මුවගට මද සිනහවක් ගෙන එන්නට විය..
මුහුදු වෙරම මත වරින් වර ඇදී එන රැළි මත දෙපා සගවා සිටීම මා ඉමහත් ප්‍රිය කරයි.. වරක වැලි වලින් නැහැවී.. නැවතත් දෙපා අතරින් ඇදී යන සුනිදු වැලි කැට මා සිතට මහත් ප්‍රීතියක් එක් කරන්නට විය..

"මොකෝ නෙතලි.. රට අල්ලන්නද කල්පනාව.." මා ඔහු දෙස බලාසිටියෙමි....
ආහ්.. මට අදුන්නවලා දෙන්නත් බැරී උනානේ.. මම සම්පත්.. දිනේශ්ගෙ ඉස්කෝලෙමයි....
ඔහු මා අසලින් හිඳ ගෙන හිස් අහස් තලය දෙස නෙත් යොමන්නට විය...

........................................................................

මලී යන්න ගියාට පස්සේ මම ජිවිතේ ආයේමත් ඉබාගාතේ ගියා.කොහොමටත් කෙල්ලෝ ගැන වැඩිපුර විශ්වාසයක් තිබුනේ නැති නිසාම කිසිම තැනක නතරවෙන්න මගේ හිත මට බල කරේ නෑ.මලී යන්න ගියා කියන එකට වඩා අපි දෙන්නා හෙමින් අපෙන් ඈත් උනා කිව්වොත් ඒක හරි . මට තවදුරටත් ඇයව අරුමයක් විස්මයක් කුතුහලයක් උනේ නෑ.මලීට මාව සාමන්යක් බවට පත් උනා..ඇය තවදුරටත් මගෙන්
ප්‍රමෝදයට පත් වුනේ නෑ. ඒ හැමදේම අවසානයේදී ඇයට යන්න කියන්නත් කලින් ඇය යන්න ගියා...මේ වගේ සම්බන්දකම් අවසානයේදී මට හැමදාමත් දැනුනේ නිදහසක්. සම්බන්දකම් වලදී බොහොම කෙටි කාලයකින් මම හෙම්බත් වෙනවා . එකට හේතුවක් කියල මට දැනුනේ අනෙකා විසින් අනෙකාව පාලනය කරන්න උත්සාහ ගන්න ඒක.. එහෙමත් නැත්තන් තමන්ගේ ඔලුවේ ඇදිල තියන කෙනාව අනෙකාගෙන් නිර්මාණය කරන්න යන ඒක. ටෙක්ලගෙන්  මට දැනුනු  නිදහස  කිසිම සම්බන්දකමකින් දැනිල නැති ඒක ගැන මටම පුදුමයි.

මම හිටියේ බීච් ඒක පේන මානේ බියර් එකක් බොනගමන්. දරාගන්න බැරි තරම් දේවල් ජීවිතේට ඒක දිගට සෙට් වෙනකොට බල්ලෙක්වත් නැතුව තනිවෙලා හිතන්න මම ආසයි. අන්තිමේදී හේතු කාරණා සිතුවිලි අස්සට ඒක අමුණලා ඉවර වෙනකොට දරාගන්න බැරි තරම් දෙයක් මගේ ලග ඉතිරි නෑ. හැමදාමත් එකම විදියට මේ දේවල් මෙහෙම්මම සිද්ද උනා. බර පොදි  කර ගහන් ජිවිතේ ඇවිදින්න පට්ට අමාරුයි. මට මාවත් බරක් වගේ දැනෙනකොට කොහොමද මම තව කෙනෙක්ව දරාගෙන ඉන්නේ ?? අම්ම මට බදින්න ගෑනු ළමයි හොයන හැමවෙලාවෙම මම අම්මට දුන්නේ ඒ උත්තරේ..එයට මම  කියන ඒවා නොතේරුණත් මම තේරුමක් හොයා හොයා ඉබාගාතේ යනවා කියල දැනන් උන්නා. ''ජිවිතේ ඒක ලාසයක් නැති මිනිහෙක්ව විශ්වාස කරලා ගැණු දරුවෝ දෙන්නේ මොන පවුලෙන්ද?'' අම්ම කිව්වේ එහෙමයි. අපි කිව්වද අපිට මේ ලෝකෙට ඉපදෙන්න ඕනි කියල. පිස්සු හැදෙනවා . හැම තප්පරේම ජිවත් ඇවිදින්න පට්ට කට්ටක් කනවා . ඒක ඒක පාට උන් අස්සේ හිර වෙලා අපේ පාට හොයනවා .මම දෙවැනි බියර් ඒක හිස් කරන්න පටන් ගත්තා.

මගේ ඉස්සරහමේසේ හිටියේ කපල්එකක්. කොල්ලා මුණ අවුල් කරන් අහක බලන් ඉන්නවා. කෙල්ල පැය ගානක් තිස්සේ කොල්ලගේ කනට කරලා මොනවදෝ  කියනවා . බුවාව දැක්කම මට මතක් උනේ මම දන්න එකෙක්ව . පොරගේ නම රුවන්. ඌ කැමති කෙල්ලෙක් හිටියා. කෙල්ලගේ හිතෙත් ඌ ගැන කැමත්තක් තිබ්බ. වැඩේ හෙමින් ගොඩ දාගන්න විතරයි අපේ එකාට තිබ්බේ. දවසක් උදෙන්ම පොර යන්න ලැස්ති උනා කෙල්ලව හම්බෙලා කැමැත්ත කියල දෙකෙන් එකක් ඉවර කර ගන්න.. අපි සෙට් ඒක එදා උදේ මූ යනකොට කොල්ලට දන්නා හැමදේම කියල කොහොම හරි වැඩේ හරි යයි කියල වචනින් ෆුල් සප් ඒක
දුන්නා. යනකොට රුවනය කිව්වා මචන් අද මම පොළොවේ පස් කාල හරි කෙල්ලගේ කැමැත්ත ගන්නවා
කියල. වචනෙට කිව්වට ඕව ඔහොම වෙයි කියල කව්ද හිතන්නේ. හික්ස්.. මූ සිරාවටම කෙල්ල ලගට ගිහින් නැති වෙන්න හොටු පෙර පෙරා අඩලා පොළොවේ හැපිලාපස් කාලා වැලපිලා මේසේ ඔලුව ගහන් අයෙත් අඩලා කෙල්ලගේ කැමැත්ත අරන් වීරයෙක් වගේ අවා. කෙල්ල රුවන් අඩනකොට එහා මේසේන් ටිෂූ ගෙනත් දීලා නළවල. වටේ බලන් ඉන්න උන් හිතන් ඇති කෙල්ල  මුට බලහත්කාරකන් කරලා බූට් ඒක තියලා යන්න හදනවා කියල. සීන් ඒක දැනගත්ත වෙලේ ඉදන් මුට අපි කියන්නේ වැලි කාන් කියල . මාසයක් විතර කට්ට කාලා ගොඩ යන්න තිබ්බ සීන් ඒක පොලවේ පස් කාලා අපේ එකා දවසින් ගොඩ
දාගත්තා. වැලි කාන් ගේ කතන්දර නං දිග වැලක් තියනවා . උගේ ෆස්ට් ඩේට් ඒක මල් හතයි. මු කෙල්ලත් එක්ක කොෆි බීන් එකට ගිහින් පැණි පෙර පෙර හෙමින් මලක් කඩනවලු. ඒ කෙල්ලගේ ඉස්සරහ ඉන්නකොට වටේ මොන හෙනයක් ගැහුවත් අපේ එකාට ඇහෙන්නේ නෑ. මුන්ගේ පිටිපස්සේ මේසේ ඉදල තියෙන්නේ සුද්දියෝ ටිකක්.සුද්දියෝ ටික ඒක එකාගේ මුණ දිහා බල බලා කින්ඩියට හිනා වෙනවලු. කෙල්ලට ටිකක් අමුත්තක් තෙරිලත් වැඩිය ගණන් අරන් නෑ. අපේ එකාට නං මෙලෝ මගුලක් දැනිල නෑ.ටිකකින් වේටර් කාරයෙක් ඇවිත් මුගේ කනට  කරලා මොකක්දෝ කියල .කෙල්ලත් බලුවලු මොකක්ද සීන් ඒක  කියල. එත් එක්කම අපේ එකා කල බල වෙලා පිටිපස බලල ටිකක් ඉස්සිලා කලිසම උස්සන් අයෙත් ඉදගත්තලු. සුද්දියෝ ටික වේටර්ට කතා කරලා කියල තියෙන්නේ මුගේ ආසියාතික කළු පස්ස පෙන්නම කලිසම බුරුල් වෙලා එල්ලෙනවා කියලලු.. වැලි කාන් ගේ පලවෙනි ඩේට් ඒක ඉවර උනේ එහෙමයි..
දෙවැනි බියර් ඒක ඉවර වෙනකොට තමයි මම දැක්කේ නුගේගොඩදී  කුලප්පු වෙච්චි මුව නෑම්බියක් වගේ මගේ ඇගේ හැප්පිලා මට ඇස් දෙක කරකවල තරවටු කරලා ගියා කෙල්ල මගේ දිහා බලාගෙන අනිමිස ලෝචනේ යෙදෙනවා කියල .කෙල්ලත් එක්ක තවත් කෙට්ටු කටුස්සියෝ දෙන්නෙක් මං දිහා බලන් හිටියේ මම නිකන් උන් දෙන්නට මොකක්හරි අකටයුත්තක් කරලා වගේ . අනේ කෙල්ලෝ නං එපා දැනට ... කෙල්ලෙක්ගෙ හෙවනැල්ලක්වත් එපා. තියන දෙයක් කාලා  හිතෙන දෙයක් ලියල ජොයින්ට් එකක් ගහල ඉන්න මේ ජිවිතේ පට්ට නිදහස්...

9 comments:

  1. චැඃ.. රංගය නැතුව කම්මැලියි කම්මැලියි වගේ..

    ReplyDelete
  2. මේ වගේ ෆස්ට් ඩේට් කතාවක් මමත් අහල තියෙනව ;-)

    ReplyDelete
  3. ටික කාලෙකින් හෙම්බත් වෙලා පස්සෙ ඒ සම්බන්දකම නැවතිලා නිදහසක් දැනුනට, ආයේ කිසිම දවසක ඇයව අයිති නෑ කියල හිතට දැනුනම එන්නෙ වාවන්න බැරි දුකක්. :'(

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත බන්...........:(

      Delete
    2. මම සිරාවට මේ කමෙන්ට් එක දැක්කම ඉස්සෙල්ලම හිතුවේ පසනා කියල, ඊට පස්සෙ හිතුවා සෝරෝද දන්නෙ නෑ කියල. පැට්ටා ‍තෝත් දැන් අඳෝනා ලියන්න ගත්තද යකෝ? (කමෙන්ට් එකේ කොහෙට හරි "සඳ" කියල දැම්ම නම් ලෙසටම තියෙයි) :D

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. අලුතින් මොනවත් දාන්නේ නැද්ද? අළුත් පොස්ට් එකක්.

    ReplyDelete
  6. ඉතුරු ටික ලියන්නෙ නැද්ද මචෝ :(

    ReplyDelete
  7. wheres the rest of the story?

    ReplyDelete