Monday, February 13, 2012

හතරවන කොටස

ජනෙල් කවුළුව තුලින් හමා එන සීතල සුළං රැළි මා ගත සෙමින් සිපගන්නට විය.ඇඟට හිරව තිබු ඩෙනිම් කලිසම උනා දැමූ මම සැහැල්ලු මා ආසම කහ පැහැති මල් ගවුම හැඳ නැවතත් ජනෙල් කවුළුව මත හිස තියා ගතිමි.මා සිරකාරීයකි. සියළු සැප පහසුකමින් අනූන දෙමාපිය ආදරය මැද හිරවුන ලොවට පෙනෙන්නට පමණනක් දසන් විදහා සිනාසෙන මා සිරකරුවෙකි.. කදුළු දෙනෙතට හුරුය. මා සිත විදින වේදනාව මෙලොව කවුරුන් හෝ වටහා ගනිතැයි ‍මා නොසිතමි. මා නැන්දනියගේ පුතු වන සුභාෂ් අයියා ගෙන් ලැබුනු රෝස පැහැ සුවද කැවු සටහන් පොත මා සිත විදි සියළු වේදනාවන් රැකගෙන ඇත. සීතල හිරිපොද ගත වෙලා යද්දී මා පුරුද්දට මෙන් සටහන් පොත වෙත පෑන යොමු කලෙමි.


රුදුරු විස කටු මතින්                                         
පිපෙන්නට වෙර දරන කැකුළු මල මම
වේදනා විදින සිතුවමින්
ආදරය සොයන්නට මන බඳින මම
ඔහු සොයා පියඹන්න
පියාපත් සොයා අතරමං වූ මම
කිමද මේ වසන්තය
මග බලමි නුඹ එනතුරා තවම මම

බොඳ වූ නෙත් කෙවනි මතින් නුපුරුදු අද උදෑසන හමු වූ තරුණයා මැවෙන්නට විය.. ඔහු සැබැවින්ම මා හ‍ට පෙම් කරාවිද. ඔහු තුලින් මා‍ සොයන ආදරය ලැබේවිද යන්න මා නොදනිමි.. අවුල් වූ පිරිමියෙකු මා කෙදිනකවත් පතා නැත.. නමුත් ඔහුගේ දහඩිය සුවඳ තුලින් හැමූ ඒ සුවඳ තුල සුපුරුදු බවක් මට දැනෙන්ට විය. එය මට සුපුරුදු හැගීමකි.පෙර සසරකද අපි බැඳී තිබුනේ දැයි මම නොදනිමි..එය එසේ නම්....

චූටී දුව........ එන්න තේ බොන්න...

තව දුරටත් රැදී සිටීමෙන් මව කෝප ගැන්වෙන බව හොදින් දන්නා නිසා.. දෙනෙත් පිස දමමින් මා සාලය දෙසට පියමනින්නට විය....


........................................................................................

මම ෆෝන් එක කට් කරලා කෙලින්ම කෝල් කරේ රංගයට. ෆෝන් එකේ රින්ග්ස් ගියා.මේ පරයා ආන්සර් කරන්නේ නැ..

'' ඇයි මේ ??'' ටෙක්ලා ඇහැරිලා. ''ඇදුමක් දාගන්න. පොඩි කුජීත සීන් එකක්'' එහෙම කියල මම ඇදෙන නැගිටලා  කකුල් දෙකට පෑගිලා තියන කලිසමයි ටී ෂර්ට් එකයි අරන් සාලෙට ආවා.

අයෙමත් උගේ ෆෝන් එකට කෝල් කරා

'' ඔබ ඇමතු දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත''

ටෙක්ලා දිග ටී ෂර්ට් එකක් විතරක් ඇදන් සාලෙට ආවා..

''ඔයා මේ යන්නද හදන්නේ ??''

'' ඔව්''

''අතේ සල්ලි තියනවද ??'' සුපුරුදු ප්‍රශ්නේ ටෙක්ලා ඇහුවා.

''අවුලක් නෑ.දැනට අතේ තියනවා.''

මම දොර අරගෙන මිදුලට බැස්සා.ඉස්සර ගෙදර ජනේලේ ජනෙල් රෙද්ද ඈත් මැත් උනා. හෙවනැල්ලක් එහාට උනා.

ටෙක්ලත් මිදුලට බහින්න ලැස්ති උනා.

''ඔයා ගෙට යන්න. මම ගේට් එක වහන් යන්නම් . ඔයා ඔහොම එලියට අවොත් ඉස්සර ගෙදර නාකියා හට් ගහන් පාරට බහියි  ''

 මම හෙමිහිට කිරුලපන හන්දියට ඇවිද්දා..බලු බල්ලෙක්වත් පෙන්න නැ ..මු මොන ගුලට රිංගුවද දන්නේ නැ. මම පාර මාරු උනා. කුජීත වෙච්චි හෙවනැල්ලක් වත් පෙන්න නැ.ත්‍රීවිල් කට්ටක් වත් පෙන්න නැ.. මම පයින්ම නුගේගොඩ පැත්තට යන්න තීරණය කරා.. මගේ ලගින් අවේ ටෙක්ලාගේ සුවද.මුළු ඇගේම තිබ්බේ ටෙක්ලාගේ සැප .

'' මලක් කඩන්නේ නැතුව ඉඹින්න දන්නේ නැති ,තරු පොළොවේ ගහන්නේ නැතුව එලිය ගන්න බැරි , හදේ ඉන්නේ හාවෙක් කියල හැමදාමත් පොඩි උන්ව රවට්ටන උන්ගෙන් මගේ ලෝකේ පිරිලා බන්. මට මුලින්ම උන්ව දරාගන්න බැරි උනත් දැන් ටිකෙන් ටික මට උන්ව පුරුද්දක් උනා.හැම දේටම එකම මුණ පාවිච්චි කරපු මම පස්සේ ඒ මුණ කැඩිලා සමතලා උනාට පස්සේ අලුත් අලුත් මුණු හදාගත්තා. හැම එකාටම ඒක ඒක මුණු.. එත් උබට විතරක් මම පාවිච්චි කරන්නේ මම කොලඹ එනකොට තිබුණු පස්සේ කැඩිලා සමතලා වෙලා ගිය මගේ පරණ මුණ. ''



ඇවිදගෙන යන මට ටෙක්ලාගේ වචන ආයේ අයෙමත් ඇහුන ටෙක්ලාගේ හඩින්ම..

ත්‍රීවිල් එක දෙකක් මාව පහු කරන් නතර නොකරම ගියා.පයින් ඇවිදින එකේ කිසිම අවුලක් දැනුනේ නැ.ලග තිබුණු අන්තිම සිගරට් එකත් පත්තු කරගෙන පේමන්ට් එකේ ඇන තියාගත්තා.

අපිට ඕෂෝ වගේ ආදරේ කරන්න තේරෙන්නේ නැ බන්.අපි ට්‍රයි කරනවා.එත් තාමත් අපිට වැරදෙනවා ජිවිතේ ආදරේ සම්බන්දකම් ගැන..ටෙක්ලා උඹ හරි..එක මුණක් එක්ක ජිවත් වෙන්න බැ.කාපු බීපු තැන වල සතා සරුපයා උනත් දරන ගහන ඉන්නේ නැ කියන කතාව පට්ටපල් බොරුවක් බන්. අපේ උන් ජිවත් වෙන්නේ ඊයෙත් එක්ක.ඊයේ කාපු බීපු ඒවත් එක්ක..මට මේ පිළුණු වෙච්චි ජිවිතේ එපා වෙලා ටෙක්ලා..හොයන් යන්න ඕනි අලුත් තැනක්.නිදහස් තැනක්.වෙස් මුණු නැති තැනක්......

දරාගන්න බැරි දේවල් එක්ක ජිවත් වෙනවට වඩා ඒවා කුඩු වෙන්න දීලා යන්න ඕනි බන්.

මම අයෙමත් ඇවිදින්න ගත්තා..ලියන්න බාර ගත්ත පොතක් ලියාගන්න බැරුව තාමත් හිස් කොළ ටික මගේ මේසේ උඩ බලන් ඉන්නවා. හෙටවත් ඒක ලියන්න ට්‍රයි එකක් දෙන්න ඕනි . '' අයියේ විබහගේ ඉවර උන ගමන් මමත් කොලබ එනවා ''  නංගී දවසක් එහෙම කියනකොට මම ගොළු උනා.. ඒකිට එපා කියන්න මට ඕනි උනේ නැත්තේ එකෙන් වැඩක් වෙන්නේ නැති බව මම දනන් උන්න නිසා . එකී මවන හීන කොලබදී කුඩු වෙලා යයි.ඒකිට වැරදෙයි..එත් එකේ කිසිම අවුලක් නැ . අපි හැමෝටම මුල වැරදුනා..

තනි වෙලා දිගට ඇවිදිනකොට හිතට හිතන්න දේවල් සැහෙන්න එනවා.එකක් ඉවර වෙනකොට එකක්.

මම වගකීමක් නැති පුතෙක් කියල අම්ම කිව්වට නංගී දන්නවා මම වගකීම් එක්ක ජිවත් වෙන්න තියන අකමැති කම මිසක් මගහරින එකෙක් නෙමේ කියල.

මගේ ඉස්සරහින් ඈතින් ටුක් ටුක් සද්දයක් ඇහුනා ..මම හරියටම නතර උනේ ලයිට් කණුවක් ලග .ඈතින් එන ත්‍රිවිල් එකට අතක් පාත් කරලා විසිල් එකක් ගැහුවා .ඌ මගේ මුණ ලගම බ්රේක් ගැහුවා .

''ඇඩෙනවා තනි ඇහැට කියල ත්‍රිවිල් එකේ ඉස්සරහම ගහල තිබ්බා'' සිරාවට කතාව ඇත්ත.

 '' මල්ලි කොහෙට යන්නද ?''

''නුගේගොඩට ''

මම ත්‍රිවිල් එකට රිංගුවා..

''මේ වෙලාවට ඒක ත්‍රිවිල් එක්කවත් හොයාගන්න බැනේ අයියේ '' තනියම යනවට වඩා කතාවක් දාන් යන  ඒක ෆිට් නිසා මම එහෙම කිව්වා .

''රෑට හයර් දුවන්න බයයි මල්ලි ..බෙල්ල කපල වාහනේ අරන් ගිහින් මස් කරයි ''

''හික්ස් ...කතාව සහතික ඇත්ත''

''දැනුත් මාර කට්ටක් කාල ගෙදර යන ගමන් තමයි මේ හයර් ඒක සෙට් උනේ '' ත්‍රිවිල් බුවා කිව්වා

''මොකක්ද සීන් ඒක?''

'' කන පාත් වෙන්න ගහල හිටපු මහත්තයෙක් රජ සැපක් දුන්න.. කව්දෝ මන්ද ගැනියේක්ගේ නමක් කියාගෙන ගෙවල් හෙව්වා.පිස්සු හැදුනා මල්ලි..අන්තිමේදී බැරිම තැන නුගේගොඩ හන්දියේ ආප්ප කඩයක් ලග බස්සල ආව ..හුහ් ආප්පයක් හරි කාල එන්නැතෑ '' එහෙම කියපු බුවා පට්ට චාටර් විදියට හිනා උනා..

''හුටා '' ඒක අහපු මට කියවුනේ එච්චරයි ..

24 comments:

  1. හයියෝ සංසාරේ..

    ReplyDelete
  2. අන්තිම බස් එක මේ දැන් ගියේ..මට එකේ එල්ලේන්ඩ බැරි උනා......මචං උඹ කොහේද ත්‍රිවිල් එකක් වත් පෙන්ඩ නෑ..යකො....අරුත් මාව මේතන අතෑරලා ගියා

    ReplyDelete
  3. //රුදුරු විස කටු මතින්
    පිපෙන්නට වෙර දරන කැකුළු මල මම
    වේදනා විදින සිතුවමින්
    ආදරය සොයන්නට මන බඳින මම
    ඔහු සොයා පියඹන්න
    පියාපත් සොයා අතරමං වූ මම
    කිමද මේ වසන්තය
    මග බලමි නුඹ එනතුරා තවම මම//

    ඇයි මට මේ වචන ටික අස්සෙං සුපුරුදු ගඳක් දැයෙන්නෙ . . . .

    ReplyDelete
    Replies
    1. මටත් ඔහොම ගඳක් ආවා වගේ... :D

      Delete
    2. මටත් නිකන් පුරුදුයි පුරුදුයි වගේ..

      Delete
    3. මටත් නිකන් සොහොන් ගඳක් ආවා....!

      Delete
  4. යකෝ සුභාශ් අයියත් ඉන්නවද මේකෙ :D

    ReplyDelete
    Replies
    1. ගරු චරිතයක් බන් . . නැන්දගේ පුතා . . නමින් විතරයි . . හික්ස්

      Delete
    2. සික් මටත් උප ප්‍රධාන චරිතයක් නැතුව ගරු රඟපෑමක් ලැබුන නම් ...

      Delete
  5. "'' මලක් කඩන්නේ නැතුව ඉඹින්න දන්නේ නැති ,තරු පොළොවේ ගහන්නේ නැතුව එලිය ගන්න බැරි , හදේ ඉන්නේ හාවෙක් කියල හැමදාමත් පොඩි උන්ව රවට්ටන උන්ගෙන් මගේ ලෝකේ පිරිලා බන්"

    නියමයි . .

    බ්ලොග් ලියන පොරවල් ලගේ නම් එහෙමෙ අතරින් පතර තියෙන නිසා සහ ලියන ස්ටයිල් එක නිසා ලියන කෙනා ගැන පොඩ්ඩක් ගෙස් කරන්න පුලුවන් උනත් . .

    මොකටද . .

    ලියන එකේ රටේ විඳිනවා මිසක් ලියන එකාගේ උප්පැන්නේ හොයන්නේ මොකටද .. . .

    ඔන්න මම මඤ්ඤොක්කා විතරක් ආරන් යනවා ඈ . . මඤ්ඤොක්කා හිටෝපු වත්තේ හතර මායිම් හොයන්නේ නැතුව . .හෙ හෙ හේ . .

    නියමයි . . කතාව සිරාවට යනවා ..

    ReplyDelete
  6. මචන් මටත් ඔය ටෙක්ලව හම්බ වෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. හුහ් ආප්පයක් හරි කාල එන්නැතෑ.......:D

      Delete
  7. "වසන්තයේ අග" පාර්ට් ටූ ද ?

    ReplyDelete
  8. ඉදලා ඉදලා බැරිම තැන මමත් ආවා,,

    ReplyDelete
  9. එකම විදිහට වෙස් පෙරළුවත් මහ මඟ අපි යන්නේ වෙනම පාරක

    කොල්ලගේ චරිතේ ලියවෙන විදිහට මම පට්ට කැමතී

    උඹට ජය

    ReplyDelete
  10. කෙල්ලගෙ චරිතෙ නම් ඇඩියාවක්... කොල්ලගෙ එක නම් සුපිරි...

    ReplyDelete
    Replies
    1. ඒ ඇඬියාවෙ සුපුරුදු බවක් දැනෙන්නෙ නැද්ද.... ???

      Delete
    2. අහ් සිහින මල්ලි... හරිම පුරුදු බවක් තියෙනවා බන්... නිකන් කඳුලු කැට සං සං ගාල වැටෙනවා වගේ

      Delete
  11. සිරාවට බං කෙල්ලගේ පාට් එක නං හෙන අඬවැඩියාවක්..

    ReplyDelete
  12. හතරම එකෙන්ම කියෙව්වා... සිරා කතාවක්නේ අෆ්ෆා.. කව්ද බොලේ ඇත්තටම මේ ටෙකලා...

    ReplyDelete
  13. නියමයි මචන් උබ එලට ලියනවා .

    ReplyDelete