නිවසේ ඉස්තෝප්පුවේ එල්ලා ඇති බට්ටා ඔරලෝසුවේ නාදය සමග පොර බඳන රැහැයි නාදය හැර අන්සියල්ල නිසලය.. එක්වරම....
පහල මාලයෙන් අම්මාගේ හා තාත්තාගේ සුපුරුදු බහින් බස් වීම ඇසෙන්නට විය.. එය මා සිත කලකිරවන සුපුරුදු සිදුවීමකි.. මා හට විටක නිවසින් පැන යාමට සිත් දෙයි..නිම කිරීමට ඇති ටියුට් දෙස මහත් ආයාසයෙන් දෙනෙත යොමා ගත්තෙමි.. නමුත් හිත ඒ දෙසට කිසි ලෙසකවත් පෙම් නොබඳින බව මා දනී.. මා හට මෙය තව දුරටත් ඉවසාගෙන සිටිය නොහැක..මා පියගැටපෙල අඩක් දුව ගියෙමි..ලී අත්වැලට බර දුන් මා.....
"අම්මා.. ඇයි මේ අදත් රන්ඩු වෙන්නෙ... " එය විධානයක් දැයි මටම සිතුනි..ශබ්ධනගා කතා කිරීම නිසාවෙන් දෝ නිවස තුල දැඩි නිහැඩියාවක් පැවතුණී..
"දුව යන්න .. මේක ඔයාට වැඩක් නෑ..යන්න පාඩං කරන්න." පියානන්ගේ විධානය මට සුපුරුදුය.. මා ඔහු දෙස බලා සිටියෙමි.. කෝපය මුසු දෑසත් කියා ගැනීමට නොහැකිව හිර උන වචන කිහිපයත් ආයාසයෙන් ගිල ගත් මා නැවතත් කාමරය තුලට දුව ගොස් ඇද මත වැතිර ගතිමි.. හිස වේදනාවෙන් පුපුරු ගසන්නට විය..කොට්ටය යට සුරක්ෂිතව තබා ඇති දුරකතනය මා අත දැවටුනේ ඇයි දැයි නොදනිමි.. යතුරුපුවරුව මත දිව යන අතැගිලි පුරුද්දට මෙන් ඇයව අමතන්නට විය....
මොකෝ මේ මහ රෑ මාව මතක් වෙලා... " සුපුරුසු සිනහා හඩ මතින් ඇය දොඩමළු වන්නට විය....
නෑ නිකං.. පාඩං කරද්දි මතක් උනා...
බොරු කියන්න එපා නෙතලි... ඇයි මේ දුකින්..." මෙතරම් ඉක්මනින් ඇය මා සිත කියවූයේ කෙසේදැයි නොදනිමි...
මුකුත් නෑ සමනළි..ඔයා කෙමිස්ට්‍රි ටියුට් එක කරාද.......
ඇත්ත කියන්න නෙතලි.. අදත් අම්මලා රන්ඩු උනාද.....
ඇයට බොරු කිරීමට නොහැකි බව බව මා දනිමි.ඇය මාගේ ජීවිතය හදුනාගත් මිතුරියයි..මගේ ජීවිතය යම් කෙනෙක් හදුනා ගෙන ඇත්ද ඒ ඇය පමණක් බව මා දනිමි..
"හ්ම්ම්ම්..." ඇය සමග තව දුරටත් එම සිදුවීම ගැන කතා කිරීමට මා සිත් නොදෙයි.. එය ඇය වටහා ගත්තේ දැයි මම නොදනිමි..දිග සුසුමක් පිට කල ඇ..
"හෙට ඔයා මොකද කරන්නේ......"
"මුකුත් නෑ සමනලී.. හෙට ගෙදර ඉන්නේ.."
මායි දිනේශ් අයියයි හෙට යනවා ෂොපින් කරන්න.. ඔයත් එන්න අපිත් එක්ක...
මට එන්න බෑ සමනලී.. මට ඒ තරං නිදහසක් නෑ කියලා ඔයා දන්නවනේ..
උඹ ඉතින් ජීවිතය හිරගෙයක් කරගෙනනෙ ඉන්නේ.."
නෑ සමනලී.. ගිරවියක් රත්තරං කූඩුවක් ඇතුලෙ දාගෙන රජකුමරියකට වගේ සැලකුවත් වැඩක් නෑ... ඌට පියාඹන්න බෑ.. ඒක කුඩුවක් කියලා මිනිස්සුන්ට පේන්නෑ කෙල්ලෙ...
ජීවිතය ගැන අසුභවාදී වෙන්න එපා නෙතලි.. ජීවිතට ගඟක්... ඒකට ගලන්න දෙන්න...
ඔවු.. ඇත්තටම ජීවිතට ඟගක්...බලං ඉන්න අයට ගල් පර මැද්දෙන් යද්දි සුන්දරවත්ය පේනවා.. ඒත් ගලන ගඟ විතරයි දන්නේ ගල් පර වල වදිද්දි කොයි තරං වේදනාවක්ද කියලා..
මට උඹත් එක්ක කතා කරන්න තේරෙන්නෑ නෙතලි...
සමනළී.........
ඇයි.. මොකද බය වෙලා වගේ....
මහේෂ් අයියා කතා කරනවා....
ඇහ්... මේ රෑ......
හ්ම්ම්ම්ම්ම්......
......................................................................

මම ෆෝන් එක අතට ගත්තා. ආයෙමත් රංගයට ඩයල් කරා..
''ඔබ ඇමතු අංකයෙන් ප්‍රතිචාරයක් නොමැත .. ''
මූ කොහේ මක බෑවිලද???
මම කාමරෙන් එලියට අවා.මගේ දොර ලගම හතර ගාතේ දාල වැටිලා හිටියේ නිර්මලය. මං උගේ පුකට පයින් එකක් ගැහුවේ කටින් කොයිතරම් කෑ ගැහුවත් ඌ අහරවගන්න එක බොරු නිසා. දෙපාරක් තුන් පාරක් පයින් පුකට අනිනකොට ඌ පුරුදු බසාවත් එක්කම ඇහැරුනා ..
''අඩෝ ප.....යෝ වද නොදී ඉදපන්කෝ බන්''
'' හු... රංගය බිව්වේ තොපිල එක්කනේ ''
නිර්මලය සීතල සිමෙන්ති පොළොවේ තවත් වක ගැහුනා. ඌට අයෙමත් පාරක් ඇන්නා.
''යකෝ රංගය බිව්වේ තොපිල එක්කනේ ''
'' හ්ම්ම්ම්ම්ම්ම් ඌ හිටියේ ''
''කෝ දැන් ඌ ''
" කොහේ හරි ඇති බන් ''
මම අයෙමත් සාලෙට ගිහින් ඇස් දෙක වටේ යැව්වා. හයේ හතරේ පොරක් හිටියේ නැ. ත්‍රීවිල් පොර කිව්වා වගේ මූ ඇත්තේ ආප්ප කඩයක් ලග.
කාමරේට යනගමන් අයෙමත් නිර්මලයට පයින් පුකට ඇනගෙන ගියා.ඒ නං ආතල් එකට.
''හු ... ඉන්න දීපන්කො බන්. අරූ කොහෙහරි ගිහින් ඇති. ඔටෝ පයිලට් නේ බන් . ''
''හික්ස්''
මම කාමරේට ගිහින් අයෙමත් දොර වහගත්තා. අපේ උන් කන පාත් වෙන්න ගහල ඉන්නකොට දකින හැම දොරම ඇරන් එලි බහින නිසා කාමරේ දොර වහන් ඉන්න එක ඇගට ගුණයි. ෂර්ට් එක ගලවල කලිසම පිටින් ඇදට වැටුනා.තව පැය දෙක තුනකින් හෙට වෙයි. මොනවා හරි දෙයක් ලියන්න වෙයි.. මම මේ දවස් වල මල් පත්තරේකට ගැලපෙන්නේ නැතිම කොලමක් ලියනවා .සල්ලි හම්බෙනවා නම් ඕනි ගු ගොඩක් ලියනවා කියල ලඟදි හිතා ගත්තා. එත් මට සෙට් වෙන්නේ ගූ ගොඩවල් අස්සේ සිරා දෙයක් ලියන්න..ඒ උනත් අවුලක් නැ. ඕනිම නොතේරෙන දිග වාක්‍ය දෙකක් අස්සට සහ , නමුත් .එමෙන්ම වගේ වචනයක් බැස්සුවම ඒවා සිරා වෙනවා කියල අපේ උපුලා ලඟදි කියනවා මට ඇහුනා..
මගේ ලග තාම ටෙක්ලාගේ සුවද .. මම හොදට හුස්මක් ගත්තා.. ඔව් මයි තාමත් ඒ සුවද..සම්බන්ධකම් නිදහසේ තියන්න ඕනි උනත් මේ දවස් ටිකේම ටෙක්ලාගේ සම්බන්දකම මට හරි බරට දැනුනා.අත් තටු එක්ක ඉපදුන එවුන්ට තාවකාලික නැවතීම් මිසක් සදාකාලික හිරවීම් නෑ. ඒක මට කිව්වේ මම දන්නා කෙල්ලෙක් එහෙමත් නැත්තන් මම ඒක කොහෙන් හරි කියෙව්වා. කාගේ හරි බ්ලොග් එකකින් වෙන්නැති. මේ දවස් වල බ්ලොග් පැත්තේ යන ඒක මග හැරුනා. කියවන්න දෙයක් හොයා ගන්න සෑහෙන්න අමාරුයි. සිල්ලර ආතල් වලින් බ්ලොග් පොස්ට් පිරිලා ගිහින්. කුනුහරුපක් නැතුව ලිව්වොත් ඒක කියවන්න බල්ලෙක්වත් නෑ. හැම එකාම හොයන්නේ එදා දවස ගෙවාගන්න මොකක්හරි ආතල් එකක්.එච්චරයි සමහර වෙලාවට දත කාල ඉන්න බැරි සමහර කෙල්ලෝ දෙන්න හදන ගොන් චූන් වලට.
''කන උන්ට කන්න දීපන් .බොන උන්ට බොන්න දීපන්. දෙකම කරන උන්ට කරන්න දීපන් .දෙකම නොකරන උන්ට පැත්තකට වෙලා බලන් ඉන්න දීපන් ..උබට පාන් ද ?? ''
මම මටම කියාගත්තා
ඇහැ පියවෙන එකක් නැ කියල දන්නා නිසාම මම ඇදෙන් නැගිටලා ලියන මේසෙට ගියා.. මම තාමත් ලියන්නේ මලී දුන්න තීන්ත පෑනෙන් .. අවුරුද්දක් ගෙවිල ගියත් තාමත් ලියන්න පටන් ගන්න හැම වෙලේම වගේ එකී දඩස් ගාල හිස් කොළ මැද්දට වැටෙනවා .ටෙක්ලට තිබුනේ මලීගේ හැඩ රුව.ඒ නිසා වෙන්නැති මම මේතරම් ටෙක්ලා ගැන හිතන්නේ.. එකම වෙනසකට තිබුනේ ටෙක්ලා කිරි පාටයි.මලී චොක්ලට් පාටයි. මලී නිතරම ඇන්දේ හංසයින්ගේ බෙල්ල ලගටම කර කපලා. හික්ස්.මතක් වෙනකොටත් ෆුල් ආතල්. කෙල්ල කවදාවත් දිගට ඇන්දේ නැ. අපි හම්බුනේ කොට්ටාවේ 138 බස් හෝල්ට් ඒක ලඟදි .මම ශේප් එකේ අඩියක් ගහල බස් හෝල්ට් එකට වෙලා නිකන් හිටිය .බස් හෝ ගාල මාව පහු කරත් මම හෝල්ට් එකට වෙලා ආතල් එකේ බලන් හිටිය එතන හිටපු කෑල්ලක් දිහා. වෙලාව රැ 8 විතර ඇති. කොට සායක් ඇදල කර කපපු ඇගට හිර වෙන්න ටී ෂර්ට් එකක් ඇදන් හිටියේ. අතේ පට්ට චාටර් පාට පාට මෙලෝ රහක් නැති බැග් එකක් තිබුණා.
දෙවියෝ මට කොහේ ගියත් මේ වගේ දර්ශන ශුන්ගාරයත් එක්ක පට්ට සිරා වැස්සක් සෙට් කරනවා. කෙල්ල වැස්සත් එක්ක බස් හෝල්ට් ඒක අස්සට ආවා. එකී හිටියේ කව්රු හරි එනකල් බලාගෙන. නැත්තන් මම වගේ තේරුමක් නැතුව. එකී මගේ දිහා බැලුව..බලපු විදියට මට තේරුණා මේකට බහින්න පුළුවන් කියල. ඕනි පුකක් කියල මම කෙල්ල ලගට ගිහින් ටෝක් කරා. අදත් ඒ දෙබස් ටික ඒ විදියටම මට මතක මම ඒ ටික මගේ දෙවැනි නවකතාව ලියනකොට එකේ සීන් එකකට දැම්ම නිසා.
'' ඔයා ඉන්නේ කව්රු හරි එනකල්ද ??''
එකී යාන්තන් හිනා උනා..
'' ඔයාට මගෙත් එක්ක කතා කරන්න ඕනි කියල මට තේරුණා. එකයි බස් දෙක තුනක් යනකල් මමත් බලන් හිටියේ'''
මට කියන්න දෙයක් හොයාගන්න සෑහෙන්න අමාරු උනා.. ඒ හිස් තැන අයෙමත් ඒ කෙල්ල පිරෙව්වා
'' මම ඉන්නේ මේ ලග..මගේ පාර ලගට මගෙත් එක්ක යමු..''
''වැස්සනේ ''
''මගේ ලග කුඩයක් තියනවා..''
ඒ තමයි මට මලී ව හම්බුන පලවෙනි දවස.. මමයි මලීයි එකම කුඩේ යටින් මහ වැස්සේ ඇවිදන් ගියා.. ගෙදරට හැරෙන පාර ලගදි වහල දාපු කඩ කාමරයක් හෙවනේ මම හංස ජෝඩුවට නොරිදෙන්න හුරතල් කරා .. පට්ට සීතලේ උණුහුම දෙන ගල් හෙවනේ මම ගුලි උනා..
'' මාව ඇවිලුනොත් ඔයාට මෙතන මාව නිවන්න බැරි වෙයි .. ඒ නිසා හෙට මම ඔයාගේ තැනට එන්නම් ''
මලී යන්න ගියා.. මම ටිකක් වෙලා යනකල් වහල දාපු කඩ කාමර හෙවනේ උණුසුම් උනා මලී නැතුවම..
ටෙක්ලා එක්ක ඉන්න නිතරම මාව වැහෙන්නේ මලීගේ මතකෙන්.. මම ටෙක්ලගෙන් හොයන්නේ මලීද ???
මලීගෙන් මාව ඈතට විසි උනේ ෆෝන් ඒක විලාප තියන්න පටන් ගත්ත නිසා .. අම්මට සිරි රංගයා <<<<<<
'' යකෝ කොහෙද මක බැවුණේ???''
''මා...චා...න්..........ම..ගේ ...ගෙදර ....ඇඩ්රස් ...ඒක කියපන් ටිකක්..මම.. මේ මහරගම ඉන්නේ බන්.. ගෙදර පාර පොඩ්ඩක් කියපං බන් ...''