Wednesday, February 08, 2012

දෙවනි කොටස

සීතල වැහි පොද වැටෙන ‍ගුරු පාර මතට කුඩය යටින් ගමන් කරන්න සිදු වූවද වැහි පොද යටින් යන්නට මා සිත පොර‍බඳින්නට විය. නමුත් අම්මා මා දෙස තවමත් බලා සිටින බව මා දනී. ආශාවෙන් පොරකන සිත තුලට යම් සහනයක් හෝ දෙමින් මඩ වලවල් මැදින් ඉක්මන් ගමනින් යෑමෙන් මිහිරි සුවයක් විදින්නට විය. ‍දනහිස දෙසට නමා ගත් ඩෙනිම නිසා නිරුවත් දෙපා මතට මඩ වතුර වැදීමෙන් සියොලඟ සීතලෙන් වෙලාගන්නට විය.තනිකමට හැමදාම ඔච්චම් කරන සීතල අදත් පුරුදු ලෙස එසේ කරනවාදැයි විටක මට සිතුණි. බස් නැවතුම මිනිසුන්ගෙන් පිරි පැවතුන නිසාත් තවත් එක මොහොතක් සිතල පිණිපොඳ වල සිසිලස විදිම සදහාත් මා කුඩය යටටම වී සිටියෙමි.

සුපුරුදු ලෙසින් මිනිසුන්ගෙන් පිරිණු බත් රථය ආයාසයෙන් බස් නැවතුම වෙත ලගා වුන පසු උදෑසන පොරකන මිනිසුන් මැදින් මාද බස් රථය තුලට විසි වී යන ලදී. වෙනදා නම් වෙනත් බස් රථයක් එන තෙක් රැදී සිටියද ප්‍රමාද වී සිටි නිසාවෙන් එසේ කිරීමට නොහැකි විය.වැසි වැටුන නිසා වසා දැමු කවුලු ඇති බස් රථයක ගමන් කරනවා යනු මා අකමැතිම ක්‍රියාවකි.නමුත් සමනලී මා වෙනුවෙන් බලා සිටින බව සිහිවීම ඒ පිලිකුල් හැගීම අභිබවා ගිය දුකක් ඇති වන්නට විය.

නුගේගොඩ හංදියෙන් බසයෙන් බැස සමනලී සොයා ගෙන දුව යන්නට විය. නො‍හිතූ ලෙස රේල් පාර අසල පලතුරු කඩේ අසලදි කොල්ලෙකු ඇගේ ගැටුනි. මා ඔහු මීට පෙර දැක ඇති බව මතක් වූයෙන් ඔහු පිළිබඳ සිහි කරන්නට විය.පෙර දින කිහිපයක්ම ඔහු මා පසු පස ආ බව මට මතක් වූයේන් අපිරිසිදු හැදුමින් සිටි ඔහු ගැන පිළිකුලක් මෙන්ම තරහවකින් සිත පිරී ගිය අතර සමනලී සොයා යෑම හදිස්සි වූයෙන් ඔහු අමතක කර නැවතත් දුව ගියෙමි.

ආහ්.. කෙල්ලෙ.. මොකෝ මේ හති දාගෙන..

සුපුරුදු සිනහවෙන් සමනලී මා පිලිගැනිම සිතට යම් සහනයක් වූ අතර පෙරලා ඇයට සිනහවකින් ප්‍රථිචාරයක් දැක්වීමට අසාර්ථක උත්සහයක යෙදුනි.

මොකො කෙල්ලෙ උදේන්ම කේන්ති ගිහින්.. අම්මා බැන්නද.

නෑ සමනලී.. අද අර කොල්ලා මගේ ඇගේම හැප්පුනානේ..මොකෙක්ද මන්දා ඌ නන්.

කවුද අනේ ඒ කොල්ලා

ඇයි අනේ ඊයෙත් හිටියෙ රේල් පාර ලග මං දිහා බලාගෙන.. මං ඔයාට පෙන්නුවෙ.

ආහ්.. ඉතින් එයා ඔයාට ආදරේ කරනවා ඇති.

යන්න සමනලී යන්න.. ඔයා හරි නරකයි..හැටි විතරක් ඌගෙ..

අතුල සර් ගේ මෝටර් රථය අප පසු කර ගිය නිසාවෙන් පොත් මිටිය තුරුළු කර සමනලී මා වෙනුවෙන් වෙන් කර තිබූ අසු වෙත පිය මනින්නට විය.

...........................................................................................................................................................





ටෙක්ලා පට්ට.. එකී ඉන්නේ කිරුලපන .බැලුවත් නගින සයිස් එකේ කෑල්ලක්..කීයක් හරි අතට හම්බුන දවසට අපේ සෙට් එක යන්නේ ඒකට බහින්න.අතේ පිච්චියක් නැති උනත් ටෙක්ලාගේ සැප මට වැරදුනේ නැ.පෙර පින බන් .මේ දවස් වල මගේ බුදු ෆිට් එකක් කන පාත් වෙන්න ගහල කතා කරන්නෙම ටෙක්ලා ගැන..ඌට ටෙක්ලව බලන්නම ඕනි කියල මැරෙන හදනවා. එත් ඌට ලව් කරන කෙල්ලෙක් ඉන්න නිසා මන් ඒ පව් වැඩේට අත ගහන්න කැමති නැ. මන් කන  බොන වෙලාවට සතා උනත් දුක දන්නා මිනිහ.ටෙක්ලව එක පාරක් හම්බුනොත් ආපහු හැරීමක් නැ. කෙල්ල අදින්නේ පට්ට තදට..අයෙත් ඉග සුග විතරක් නෙමේ හංස ජෝඩුව හුස්ම හිරවෙලා මැරෙන තරං තදට.
ෂුහ් .. මතක් වෙනකොටත් පියබල යන්න හිතෙනවා.

ටෙක්ලා ගැන හිත හිත මන් සිගරට් එකක් ගන්න එහා පැත්ත කඩේ ලගට යන්න අඩිය තියන්න හදනකොටම කොහෙන්ද මන්ද දුවන් ආපු ගෝන නෑම්බියක් මගේ ඇගේ හැප්පුනේ අයෙත් සොරිම වෙන්න. ''ඇයි නංගි මාන්දම වගේද'' කියල අහන්න හැරෙනකොටම එකී දුන්නා ලුක් එකක් මාව නිකන් ගල් ගැහුනා .පුදුම එරවිල්ලක්නේ .එකී නිකන් මන් දිහා කට ඇද කරලා බැලුවේ ගැඩවිලි පණුවෙක් දිහා බලනවා වගේ .මුකුත් කියන්නත් කලින් එකී දිව්වා සලාගේ පන්තිය ඇතුලට..මන් නිකන් බලහත්කාරකන් කරන්න පස්සෙන් පන්නනවා වගේ එකී දිව්වේ. මොනවා උනත් කෙල්ල අවුලක් නැ .. ටෙක්ලා එක්ක බලනකොට කොට්ටෙන් මුණ වහල මොකක් හරි කරගන්න පුළුවන් එකියක්. හික්ස්..

මම සිගරට් එක පත්තු කර ගන්නකොටම බුක්ක කඩාගෙන පාත් උනා.
''ඇයි හු.... පරක්කු උනේ''
''නුගේගොඩ හන්දියේ නැති වෙන්න ට්‍රැෆික් මහත්තයා. ''

බුක්කා හිත හොද මිනිහ .මන් දැන් ඌව දන්නේ අවුරුදු 3 ක් තිස්සේ.දෙන්නේ හොද බඩු..අයෙත් නැ ගැහුවහම නැති වෙනවා .මම බුක්කට සල්ලි දීල බඩු පැකට් ටික සාක්කුවේ ඔබා ගත්තා.යන්න හැරෙනකොටම දාන් හිටිය රබර් සෙරෙප්පුවෙන් එකක් මුලින් කැඩිලා ගියා.'' පාන්දරම කරුම දෙනවා'' අයෙමත් තනි කකුලෙන් මාර ගහ යටට ගිහින් යාන්තන් සෙරෙප්පුව අටවා ගත්තා .. යකෝ අපිටමනෙ රබර් සේරෙප්පුවත් කෙලවන්න එන්නේ. පාරට අඩිය තියනකොට තමයි මට මීටර් උනේ අර ඇගේ හැපිච්ච ගෝන නැම්බි තව කෙට්ටු කැහැටු කෙල්ලෙක් එක්ක මගේ දිහා බලාගෙන හෙන පත කතන්දරයක් කියනවා . මේ මොන මගුලක්ද ?

7 comments:

  1. කවුද බං උඹෙන් ඔච්චර ටෙක්ලා ගැන අහන එකා ;-)

    ReplyDelete
  2. අනේ ටෙක්ලගේ ෆොටෝ එකක් දාන්න ඊළඟ පාර... :D

    ReplyDelete
  3. සමනලීත් පට්ට කෑල්ල වෙන්ඩ ඇති... මට ඒකි හොඳා...

    ReplyDelete
  4. චික් . . . වල් කොල්ලො

    ReplyDelete
  5. රංගගේ පෝස්ට් එක නිසා අද තමා කියෙව්වේ මුලින් තුන්වෙනි එක කියවලා පස්සේ තමා එක දෙක කියෙව්වේ . . .

    පහුගිය දවස් කීපේ කස්ටිය කිය කියා හිටපු ටෙක්ලා කවුද කියලා දැන් තමා මීටර් උනේ . .

    ලියන ස්ටයිල් එක නම් ලස්සනයි . .

    දිගටම ලියන්න . . .

    ReplyDelete
  6. සමාවෙන්න රංගගේ පෝස්ට් එක නිසා නෙමේ අබීතගේ පෝස්ට් එක නිසා කියලා නිවරදි වෙන්න ඕන

    ReplyDelete