Sunday, March 11, 2012

සයවන කොටස ....

පංතිය පුරා එකම ගාලගෝටියකි.. ඒ මේ අත දුවන පිරිමි ළමයින්ද.. අප හිස් උඩින් පියාසර කරන කඩදාසි රොකට් වලින්ද පංතිය පීරී පැවතුනි..ඩෙස් අතරින් රිංගා තරුෂි සහ සමනලී අතරින් මා හිඳ ගතිමි.. තරූෂි සැබැවින්ම කෙලිලොල්ය.. ඇය සමග සිටින විට ජීවිතය එකම විනෝදයකි..

නෙතලි... මොකද මහේෂ් අයියා කිව්වෙ... සමනළී මා දෙස නෙත් යොමා බැලුවේ පෙර දින මතකය අලුත් කරමිනි..
මුකුත් නෑ.. නිකං මාව මතක් වෙනවලු..
ආවු ආවු.. මෙයාට එයා ලයින්ද කොහෙද...
පිස්සුද සමනලී.. මං එයාට ආස නෑ.. මං ආස එයා වගේ විසේකාර කොල්ලෙකුට නෙමේ කියලා දන්නවනේ..

ඒයි ජෝඩුව.. අර බලපං අර කොල්ලා..සිරා බං.කොටු ෂර්ට් එකක් ඇඳන් ඉන්නෙ.... මං ආසම.. ‍අප දෙසට බර වුන තරුෂි හෙමින් මුමුණන්නට විය..

කෝ... සමනලී පංතිය පුරා නෙතු යොමන්නට විය..
කවුද අර රතුපාට කොටු ෂර්ට් එකද... සමනලී ඔහු හදුනාගන්නට විය..
කෝ අනේ... අර අතන සුදු ටීෂර්ට් එක ලගද.. ඒ දෙසට ඇගිල්ලක් දිගු කර මා පෙන්වන්නට විය..
"හයියෝ.. ඉවරයි ඉවරයි..තමුසෙ නන් මොකෙද්ද මන්දා.. බලපං දැන් උන්ට නෝන්ඩිනේ..මේකි මැටි මෝලෙක්... " මා දෙස ඔරවමින් තරුෂි මුමුණන්නට විය..
ඇයි මොකද උනේ..
මොකද.. බලපං.. උඹ ඇගිල්ල දික් කරලා.. වටේටම නොන්ඩිනේ.. මොලයක් නැද්ද මන්දා.. හයියෝ...මෙයා නන් කවදා හැදෙයිද මන්දා.. චූටි බබෙක් නෙ...ඇය ඔරවමින් මුමුණන්නට විය
මා හට මා ගැනම දුකක් ඇති වුවද ධම්මික සර්ගේ පැමීණිමෙන් ශාලවම නිහඩ විය.....

පංතිය අවසානයේ නුගේගොඩ කිරි හලට වැද කිරි පැකට් කිහිපයක් ‍මිලදී ගතිමි. දිනේශ් සහ ඔහුගේ යාහළුවන් කිහිප දෙනෙකු එක්ව අප දෙසට එනු පෙනින..

මොකෝ ගෑණු ළමයි ටික කියන්නේ.. අපි බීච් යමුද.... සමනලී අසලට පැමිණි ඔහු අපගෙන් විමසන්නට විය..
නෙතලි යමුද....
අනේ බෑ සමනලී.. දන්නවනේ.. මට එන්න බෑ කියලා..
යමු නෙතලි.. සමනලීත් ඉන්නවනේ.. ඔයාට බය වෙන්න දෙයක් නෑ.. භාර කාරයා ඉන්නවනේ.. සමනලී දෙස ඔච්චමට බැලූ දිනේශ් ඇයගේ අත අල්ලාගෙන ඉදිරියට ඇදෙන්නට විය...

මාද ඔවුන් පසුපස ඇදුනේ හිත තුල තීබූ භිතීයට වඩා ආශාව වැඩිවු නිසා යැයි මා කල්පනා කරන්නට විය..

වැල්ලවත්ත මුහුදු තීරය මත සෑදෑ හිරු රැස් පතිත වී තිබිණ.. රන්වන් පාටින් දිදුලන වැලැ කැට දෙපයට සුව දෙන බව දන්නා නිසාවෙන් පාවහන් යුගල ගලවා ගත් මා සෙමින් ඇවිදින්නට විය..හමා එන සුලගත් සමගින් සිත සැනසිල්ලේ පාවෙන්නට විය.. සමනලී හා ඔහුහට තනිවෙන්නට ඉඩ හැර මා අසල ඇති ගල්පරයක් මත හිද ගතිමි.. සුළගට දඟ කරන කෙහෙරැලි මගේ මුවගට මද සිනහවක් ගෙන එන්නට විය..
මුහුදු වෙරම මත වරින් වර ඇදී එන රැළි මත දෙපා සගවා සිටීම මා ඉමහත් ප්‍රිය කරයි.. වරක වැලි වලින් නැහැවී.. නැවතත් දෙපා අතරින් ඇදී යන සුනිදු වැලි කැට මා සිතට මහත් ප්‍රීතියක් එක් කරන්නට විය..

"මොකෝ නෙතලි.. රට අල්ලන්නද කල්පනාව.." මා ඔහු දෙස බලාසිටියෙමි....
ආහ්.. මට අදුන්නවලා දෙන්නත් බැරී උනානේ.. මම සම්පත්.. දිනේශ්ගෙ ඉස්කෝලෙමයි....
ඔහු මා අසලින් හිඳ ගෙන හිස් අහස් තලය දෙස නෙත් යොමන්නට විය...

........................................................................

මලී යන්න ගියාට පස්සේ මම ජිවිතේ ආයේමත් ඉබාගාතේ ගියා.කොහොමටත් කෙල්ලෝ ගැන වැඩිපුර විශ්වාසයක් තිබුනේ නැති නිසාම කිසිම තැනක නතරවෙන්න මගේ හිත මට බල කරේ නෑ.මලී යන්න ගියා කියන එකට වඩා අපි දෙන්නා හෙමින් අපෙන් ඈත් උනා කිව්වොත් ඒක හරි . මට තවදුරටත් ඇයව අරුමයක් විස්මයක් කුතුහලයක් උනේ නෑ.මලීට මාව සාමන්යක් බවට පත් උනා..ඇය තවදුරටත් මගෙන්
ප්‍රමෝදයට පත් වුනේ නෑ. ඒ හැමදේම අවසානයේදී ඇයට යන්න කියන්නත් කලින් ඇය යන්න ගියා...මේ වගේ සම්බන්දකම් අවසානයේදී මට හැමදාමත් දැනුනේ නිදහසක්. සම්බන්දකම් වලදී බොහොම කෙටි කාලයකින් මම හෙම්බත් වෙනවා . එකට හේතුවක් කියල මට දැනුනේ අනෙකා විසින් අනෙකාව පාලනය කරන්න උත්සාහ ගන්න ඒක.. එහෙමත් නැත්තන් තමන්ගේ ඔලුවේ ඇදිල තියන කෙනාව අනෙකාගෙන් නිර්මාණය කරන්න යන ඒක. ටෙක්ලගෙන්  මට දැනුනු  නිදහස  කිසිම සම්බන්දකමකින් දැනිල නැති ඒක ගැන මටම පුදුමයි.

මම හිටියේ බීච් ඒක පේන මානේ බියර් එකක් බොනගමන්. දරාගන්න බැරි තරම් දේවල් ජීවිතේට ඒක දිගට සෙට් වෙනකොට බල්ලෙක්වත් නැතුව තනිවෙලා හිතන්න මම ආසයි. අන්තිමේදී හේතු කාරණා සිතුවිලි අස්සට ඒක අමුණලා ඉවර වෙනකොට දරාගන්න බැරි තරම් දෙයක් මගේ ලග ඉතිරි නෑ. හැමදාමත් එකම විදියට මේ දේවල් මෙහෙම්මම සිද්ද උනා. බර පොදි  කර ගහන් ජිවිතේ ඇවිදින්න පට්ට අමාරුයි. මට මාවත් බරක් වගේ දැනෙනකොට කොහොමද මම තව කෙනෙක්ව දරාගෙන ඉන්නේ ?? අම්ම මට බදින්න ගෑනු ළමයි හොයන හැමවෙලාවෙම මම අම්මට දුන්නේ ඒ උත්තරේ..එයට මම  කියන ඒවා නොතේරුණත් මම තේරුමක් හොයා හොයා ඉබාගාතේ යනවා කියල දැනන් උන්නා. ''ජිවිතේ ඒක ලාසයක් නැති මිනිහෙක්ව විශ්වාස කරලා ගැණු දරුවෝ දෙන්නේ මොන පවුලෙන්ද?'' අම්ම කිව්වේ එහෙමයි. අපි කිව්වද අපිට මේ ලෝකෙට ඉපදෙන්න ඕනි කියල. පිස්සු හැදෙනවා . හැම තප්පරේම ජිවත් ඇවිදින්න පට්ට කට්ටක් කනවා . ඒක ඒක පාට උන් අස්සේ හිර වෙලා අපේ පාට හොයනවා .මම දෙවැනි බියර් ඒක හිස් කරන්න පටන් ගත්තා.

මගේ ඉස්සරහමේසේ හිටියේ කපල්එකක්. කොල්ලා මුණ අවුල් කරන් අහක බලන් ඉන්නවා. කෙල්ල පැය ගානක් තිස්සේ කොල්ලගේ කනට කරලා මොනවදෝ  කියනවා . බුවාව දැක්කම මට මතක් උනේ මම දන්න එකෙක්ව . පොරගේ නම රුවන්. ඌ කැමති කෙල්ලෙක් හිටියා. කෙල්ලගේ හිතෙත් ඌ ගැන කැමත්තක් තිබ්බ. වැඩේ හෙමින් ගොඩ දාගන්න විතරයි අපේ එකාට තිබ්බේ. දවසක් උදෙන්ම පොර යන්න ලැස්ති උනා කෙල්ලව හම්බෙලා කැමැත්ත කියල දෙකෙන් එකක් ඉවර කර ගන්න.. අපි සෙට් ඒක එදා උදේ මූ යනකොට කොල්ලට දන්නා හැමදේම කියල කොහොම හරි වැඩේ හරි යයි කියල වචනින් ෆුල් සප් ඒක
දුන්නා. යනකොට රුවනය කිව්වා මචන් අද මම පොළොවේ පස් කාල හරි කෙල්ලගේ කැමැත්ත ගන්නවා
කියල. වචනෙට කිව්වට ඕව ඔහොම වෙයි කියල කව්ද හිතන්නේ. හික්ස්.. මූ සිරාවටම කෙල්ල ලගට ගිහින් නැති වෙන්න හොටු පෙර පෙරා අඩලා පොළොවේ හැපිලාපස් කාලා වැලපිලා මේසේ ඔලුව ගහන් අයෙත් අඩලා කෙල්ලගේ කැමැත්ත අරන් වීරයෙක් වගේ අවා. කෙල්ල රුවන් අඩනකොට එහා මේසේන් ටිෂූ ගෙනත් දීලා නළවල. වටේ බලන් ඉන්න උන් හිතන් ඇති කෙල්ල  මුට බලහත්කාරකන් කරලා බූට් ඒක තියලා යන්න හදනවා කියල. සීන් ඒක දැනගත්ත වෙලේ ඉදන් මුට අපි කියන්නේ වැලි කාන් කියල . මාසයක් විතර කට්ට කාලා ගොඩ යන්න තිබ්බ සීන් ඒක පොලවේ පස් කාලා අපේ එකා දවසින් ගොඩ
දාගත්තා. වැලි කාන් ගේ කතන්දර නං දිග වැලක් තියනවා . උගේ ෆස්ට් ඩේට් ඒක මල් හතයි. මු කෙල්ලත් එක්ක කොෆි බීන් එකට ගිහින් පැණි පෙර පෙර හෙමින් මලක් කඩනවලු. ඒ කෙල්ලගේ ඉස්සරහ ඉන්නකොට වටේ මොන හෙනයක් ගැහුවත් අපේ එකාට ඇහෙන්නේ නෑ. මුන්ගේ පිටිපස්සේ මේසේ ඉදල තියෙන්නේ සුද්දියෝ ටිකක්.සුද්දියෝ ටික ඒක එකාගේ මුණ දිහා බල බලා කින්ඩියට හිනා වෙනවලු. කෙල්ලට ටිකක් අමුත්තක් තෙරිලත් වැඩිය ගණන් අරන් නෑ. අපේ එකාට නං මෙලෝ මගුලක් දැනිල නෑ.ටිකකින් වේටර් කාරයෙක් ඇවිත් මුගේ කනට  කරලා මොකක්දෝ කියල .කෙල්ලත් බලුවලු මොකක්ද සීන් ඒක  කියල. එත් එක්කම අපේ එකා කල බල වෙලා පිටිපස බලල ටිකක් ඉස්සිලා කලිසම උස්සන් අයෙත් ඉදගත්තලු. සුද්දියෝ ටික වේටර්ට කතා කරලා කියල තියෙන්නේ මුගේ ආසියාතික කළු පස්ස පෙන්නම කලිසම බුරුල් වෙලා එල්ලෙනවා කියලලු.. වැලි කාන් ගේ පලවෙනි ඩේට් ඒක ඉවර උනේ එහෙමයි..
දෙවැනි බියර් ඒක ඉවර වෙනකොට තමයි මම දැක්කේ නුගේගොඩදී  කුලප්පු වෙච්චි මුව නෑම්බියක් වගේ මගේ ඇගේ හැප්පිලා මට ඇස් දෙක කරකවල තරවටු කරලා ගියා කෙල්ල මගේ දිහා බලාගෙන අනිමිස ලෝචනේ යෙදෙනවා කියල .කෙල්ලත් එක්ක තවත් කෙට්ටු කටුස්සියෝ දෙන්නෙක් මං දිහා බලන් හිටියේ මම නිකන් උන් දෙන්නට මොකක්හරි අකටයුත්තක් කරලා වගේ . අනේ කෙල්ලෝ නං එපා දැනට ... කෙල්ලෙක්ගෙ හෙවනැල්ලක්වත් එපා. තියන දෙයක් කාලා  හිතෙන දෙයක් ලියල ජොයින්ට් එකක් ගහල ඉන්න මේ ජිවිතේ පට්ට නිදහස්...

Wednesday, February 22, 2012

පස්වන කොටස...

ජීවිතය කියන්නෙ හරියට බන්ධන ගොඩක එකතුවක් වගේ..අපිට ජීවත් වෙන්න ඒ හැම සම්බන්ධයක්ම වැදගත්. ධම්මික සර් ගෙ රසායන විද්‍යා පාඩම දෙසවන්තුල රැවු පිළිරුවු දෙන්නට විය. එය සැබෑවක්ද.. එකිනෙක වටා කැර‍කැවෙන ජීවිතය තුල අපි බැඳීම් තුල සිරවී ඇත්තෙමු.එය සැබැවින්ම ‍සත්‍යයකි.නිමා කරගෙන යාමට ගොඩ ගැසී ඇති ටියුට් කිහිපය දෙස නැවතත් මා දෙනුවන් යොමා ගතිමි. රසායන ප්‍රතික්‍රියා අතර මා අතරමං වී ඇත.මා සැබැවින්ම සංකීර්ණ අවකාශයක සිරවී ඇතිද.. නැතිනම් එයින් එලියට යාමට මා හට ආත්මශක්තියන් නොමැත්තේද යන්න මා නොදනිමි..

නිවසේ ඉස්තෝප්පුවේ එල්ලා ඇති බට්ටා ඔරලෝසුවේ නාදය සමග පොර බඳන රැහැයි නාදය හැර අන්සියල්ල නිසලය.. එක්වරම....

පහල මාලයෙන් අම්මාගේ හා තාත්තාගේ සුපුරුදු බහින් බස් වීම ඇසෙන්නට විය.. එය මා සිත කලකිරවන සුපුරුදු සිදුවීමකි.. මා හට විටක නිවසින් පැන යාමට සිත් දෙයි..නිම කිරීමට ඇති ටියුට් දෙස මහත් ආයාසයෙන් දෙනෙත යොමා ගත්තෙමි.. නමුත් හිත ඒ දෙසට කිසි ලෙසකවත් පෙම් නොබඳින බව මා දනී.. මා හට මෙය තව දුරටත් ඉවසාගෙන සිටිය නොහැක..මා පියගැටපෙල අඩක් දුව ගියෙමි..ලී අත්වැලට බර දුන් මා.....

"අම්මා.. ඇයි මේ අදත් රන්ඩු වෙන්නෙ... " එය විධානයක් දැයි මටම සිතුනි..ශබ්ධනගා කතා කිරීම නිසාවෙන් ‍දෝ නිවස තුල දැඩි නිහැඩියාවක් පැවතුණී..

"දුව යන්න .. මේක ඔයාට වැඩක් නෑ..යන්න පාඩං කරන්න." පියානන්ගේ විධානය මට සුපුරුදුය.. මා ඔහු දෙස බලා සිටියෙමි.. කෝපය මුසු දෑසත් කියා ගැනීමට නොහැකිව හිර උන වචන කිහිපයත් ආයාසයෙන් ගිල ගත් මා නැවතත් කාමරය තුලට දුව ගොස් ඇද මත වැතිර ගතිමි.. හිස වේදනාවෙන් පුපුරු ගසන්නට විය..කොට්ටය යට සුරක්ෂිතව තබා ඇති දුරකතනය මා අත දැවටුනේ ඇයි දැයි නොදනිමි.. යතුරුපුවරුව මත දිව යන අතැගිලි පුරුද්දට මෙන් ඇයව අමතන්නට විය....

මොකෝ මේ මහ රෑ මාව මතක් වෙලා... " සුපුරුසු සිනහා හඩ මතින් ඇය දොඩමළු වන්නට විය....

නෑ නිකං.. පාඩං කරද්දි මතක් උනා...
බොරු කියන්න එපා නෙතලි... ඇයි මේ දුකින්..." මෙතරම් ඉක්මනින් ඇය මා සිත කියවූයේ කෙසේදැයි නොදනිමි...
මුකුත් නෑ සමනළි..ඔයා කෙමිස්ට්‍රි ටියු‍ට් එක කරාද.......
ඇත්ත කියන්න නෙතලි.. අදත් අම්මලා රන්ඩු උනාද.....

ඇයට බොරු කිරීමට නොහැකි බව බව මා දනිමි.ඇය මාගේ ජීවිතය හදුනාගත් මිතුරියයි..මගේ ජීවිතය යම් කෙනෙක් හදුනා ගෙන ඇත්ද ඒ ඇය පමණක් බව මා දනිමි..

"හ්ම්ම්ම්..."  ඇය සමග තව දුරටත් ‍එම සිදුවීම ගැන කතා කිරීමට මා සිත් නොදෙයි.. එය ඇය වටහා ගත්තේ දැයි මම නොදනිමි..දිග සුසුමක් පිට කල ඇ..

"හෙට ඔයා මොකද කරන්නේ......"
"මුකුත් නෑ සමනලී.. හෙට ගෙදර ඉන්නේ.."
මායි ‍දිනේශ් අයියයි හෙට යනවා ෂොපින් කරන්න.. ඔයත් එන්න අපිත් එක්ක...

මට එන්න බෑ සමනලී.. මට ඒ තරං නිදහසක් නෑ කියලා ඔයා දන්නවනේ..
උඹ ඉතින් ජීවිතය හිරගෙයක් කරගෙනනෙ ඉන්නේ.."

නෑ සමනලී.. ගිරවියක් රත්තරං කූඩුවක් ඇතුලෙ දාගෙන රජකුමරියකට වගේ සැලකුවත් වැඩක් නෑ... ඌට පියාඹන්න බෑ.. ඒක කුඩුවක් කියලා මිනිස්සුන්ට පේන්නෑ කෙල්ලෙ...

ජීවිතය ගැන අසුභවාදී වෙන්න එපා නෙතලි.. ජීවිතට ගඟක්... ඒකට ගලන්න දෙන්න...

ඔවු.. ඇත්තටම ජීවිතට ඟගක්...බලං ඉන්න අයට ගල් පර මැද්දෙන් යද්දි  සුන්දරවත්ය පේනවා.. ඒත් ගලන ගඟ විතරයි දන්නේ ගල් පර වල වදිද්දි කොයි තරං වේදනාවක්ද කියලා..

මට උඹත් එක්ක කතා කරන්න තේරෙන්නෑ නෙතලි...

සමනළී.........

ඇයි.. මොකද බය වෙලා වගේ....

මහේෂ් අයියා කතා කරනවා....

ඇහ්... මේ රෑ......

හ්ම්ම්ම්ම්ම්......
......................................................................

මම බෝඩිමට යනකොට අපේ උන් කුජීත වෙලා තැන් තැන් වල වැටිලා නිදි . ජීවිතේට දැකපු නැති උන් දෙතුන් දෙනෙකුත් දොර ලග වැටිලා නිදි .. කොහෙන් සෙට් උන එවුන්ද මන්ද .. පත බෑවිල ඉන්න ගොතයෝ උඩින් පැනල මම කෙලින්ම ගියේ මගේ කාමරේට.කොහේ ගියත් කාමරේ වහල යතුර අරන් තමයි මම යන්නේ. කාලෙකට කලින් සිද්ද වෙච්චි  පට්ට චාටර් සීන් දෙක තුනකට පස්සේ මම එලි බහින්න ගියත් යන්නේ කාමරේ යතුරු දාල... මම කාමරේට ගියපු ගමන් කරේ ඇද උඩ පත බෑවිච්ච එක. දවසම ෆුල් චාටර්. අකුරක්වත් ලියාගන්න උනේ නෑ. හම්බෙන්න තිබුණු සල්ලි වලින් සත පහක් වත් සෙට් උනේ නෑ .ජොයින්ට් එකක් ගහල ආතල් එක්ක ගන්න ගියාම අපේ උන්ගේ කුප්ප කතා වලින් ආතල් කුඩු උනා.ටෙක්ලාගේ ගෙදරින් හෙට පාන්දර එන්න හැදුවම රංගය පිස්සු කෙලලා එකත් නැති කරා. දැන් ඌත් හොයාගන්න නෑ . අද ෆුල් චාටර්.

මම ෆෝන් එක අතට ගත්තා. ආයෙමත් රංගයට ඩයල් කරා..
''ඔබ ඇමතු අංකයෙන් ප්‍රතිචාරයක් නොමැත .. ''
මූ කොහේ මක බෑවිලද???
මම කාමරෙන් එලියට අවා.මගේ දොර ලගම හතර ගාතේ දාල වැටිලා හිටියේ නිර්මලය. මං උගේ පුකට පයින් එකක් ගැහුවේ කටින් කොයිතරම් කෑ ගැහුවත් ඌ අහරවගන්න එක බොරු නිසා. දෙපාරක් තුන් පාරක් පයින් පුකට අනිනකොට ඌ පුරුදු බසාවත් එක්කම ඇහැරුනා ..
''අඩෝ ප.....යෝ වද නොදී ඉදපන්කෝ බන්''
'' හු... රංගය බිව්වේ තොපිල එක්කනේ ''
නිර්මලය සීතල සිමෙන්ති පොළොවේ තවත් වක ගැහුනා. ඌට අයෙමත් පාරක් ඇන්නා.

''යකෝ රංගය බිව්වේ තොපිල එක්කනේ ''
'' හ්ම්ම්ම්ම්ම්ම් ඌ හිටියේ ''
''කෝ දැන් ඌ ''
" කොහේ හරි ඇති බන් ''
මම අයෙමත් සාලෙට ගිහින් ඇස් දෙක වටේ යැව්වා. හයේ හතරේ පොරක් හිටියේ නැ. ත්‍රීවිල් පොර කිව්වා වගේ මූ ඇත්තේ ආප්ප කඩයක් ලග.
කාමරේට යනගමන් අයෙමත් නිර්මලයට පයින් පුකට ඇනගෙන ගියා.ඒ නං ආතල් එකට.
''හු ... ඉන්න දීපන්කො බන්. අරූ කොහෙහරි ගිහින් ඇති. ඔටෝ පයිලට් නේ බන් . ''
''හික්ස්''
මම කාමරේට ගිහින් අයෙමත් දොර වහගත්තා. අපේ උන් කන පාත් වෙන්න ගහල ඉන්නකොට දකින හැම දොරම ඇරන් එලි බහින නිසා කාමරේ දොර වහන් ඉන්න එක ඇගට ගුණයි. ෂර්ට් එක ගලවල කලිසම පිටින් ඇදට වැටුනා.තව පැය දෙක තුනකින් හෙට වෙයි. මොනවා හරි දෙයක් ලියන්න වෙයි.. මම මේ දවස් වල මල් පත්තරේකට ගැලපෙන්නේ නැතිම කොලමක් ලියනවා .සල්ලි හම්බෙනවා නම් ඕනි ගු ගොඩක් ලියනවා කියල ලඟදි හිතා ගත්තා. එත් මට සෙට් වෙන්නේ ගූ ගොඩවල් අස්සේ සිරා දෙයක් ලියන්න..ඒ උනත් අවුලක් නැ. ඕනිම නොතේරෙන දිග වාක්‍ය දෙකක් අස්සට සහ , නමුත් .එමෙන්ම වගේ වචනයක් බැස්සුවම ඒවා සිරා වෙනවා කියල අපේ උපුලා ලඟදි  කියනවා මට ඇහුනා..

මගේ ලග තාම ටෙක්ලාගේ සුවද .. මම හොදට හුස්මක් ගත්තා.. ඔව් මයි තාමත් ඒ සුවද..සම්බන්ධකම් නිදහසේ තියන්න ඕනි උනත් මේ දවස් ටිකේම ටෙක්ලාගේ සම්බන්දකම මට හරි බරට දැනුනා.අත් තටු එක්ක ඉපදුන එවුන්ට තාවකාලික නැවතීම් මිසක් සදාකාලික හිරවීම් නෑ. ඒක මට කිව්වේ මම දන්නා කෙල්ලෙක් එහෙමත් නැත්තන් මම ඒක කොහෙන් හරි කියෙව්වා. කාගේ හරි බ්ලොග් එකකින්  වෙන්නැති. මේ දවස් වල බ්ලොග් පැත්තේ යන ඒක මග හැරුනා. කියවන්න දෙයක් හොයා ගන්න සෑහෙන්න අමාරුයි. සිල්ලර ආතල් වලින් බ්ලොග් පොස්ට් පිරිලා ගිහින්. කුනුහරුපක් නැතුව ලිව්වොත් ඒක කියවන්න බල්ලෙක්වත් නෑ. හැම එකාම හොයන්නේ එදා දවස ගෙවාගන්න මොකක්හරි ආතල් එකක්.එච්චරයි සමහර වෙලාවට දත කාල ඉන්න බැරි සමහර කෙල්ලෝ දෙන්න හදන ගොන් චූන් වලට.
 ''කන උන්ට කන්න දීපන් .බොන උන්ට බොන්න දීපන්. දෙකම කරන උන්ට කරන්න දීපන් .දෙකම නොකරන උන්ට පැත්තකට වෙලා බලන් ඉන්න දීපන් ..උබට පාන් ද ?? ''
මම මටම කියාගත්තා
ඇහැ පියවෙන එකක් නැ කියල දන්නා නිසාම මම ඇදෙන් නැගිටලා ලියන මේසෙට ගියා.. මම තාමත් ලියන්නේ මලී දුන්න තීන්ත පෑනෙන් .. අවුරුද්දක් ගෙවිල ගියත් තාමත් ලියන්න පටන් ගන්න හැම වෙලේම වගේ එකී දඩස් ගාල හිස් කොළ මැද්දට වැටෙනවා .ටෙක්ලට තිබුනේ මලීගේ හැඩ රුව.ඒ නිසා වෙන්නැති මම මේතරම් ටෙක්ලා ගැන හිතන්නේ.. එකම වෙනසකට තිබුනේ ටෙක්ලා කිරි පාටයි.මලී චොක්ලට් පාටයි. මලී නිතරම ඇන්දේ  හංසයින්ගේ බෙල්ල ලගටම කර කපලා. හික්ස්.මතක් වෙනකොටත් ෆුල් ආතල්. කෙල්ල කවදාවත් දිගට ඇන්දේ නැ. අපි හම්බුනේ කොට්ටාවේ 138 බස් හෝල්ට් ඒක ලඟදි .මම ශේප් එකේ අඩියක් ගහල  බස් හෝල්ට් එකට වෙලා නිකන් හිටිය .බස් හෝ ගාල මාව පහු කරත් මම හෝල්ට් එකට වෙලා ආතල් එකේ බලන් හිටිය එතන හිටපු කෑල්ලක් දිහා. වෙලාව රැ 8 විතර ඇති. කොට සායක් ඇදල කර කපපු ඇගට හිර වෙන්න ටී ෂර්ට් එකක් ඇදන් හිටියේ. අතේ පට්ට චාටර් පාට පාට මෙලෝ රහක් නැති බැග් එකක් තිබුණා.
දෙවියෝ මට කොහේ ගියත් මේ වගේ දර්ශන ශුන්ගාරයත් එක්ක පට්ට සිරා වැස්සක් සෙට් කරනවා. කෙල්ල වැස්සත් එක්ක බස් හෝල්ට් ඒක අස්සට ආවා. එකී හිටියේ කව්රු හරි එනකල් බලාගෙන. නැත්තන් මම වගේ තේරුමක් නැතුව. එකී මගේ දිහා බැලුව..බලපු විදියට මට තේරුණා මේකට බහින්න පුළුවන් කියල. ඕනි පුකක් කියල මම කෙල්ල ලගට ගිහින් ටෝක් කරා. අදත් ඒ දෙබස් ටික ඒ විදියටම මට මතක මම ඒ ටික මගේ දෙවැනි නවකතාව ලියනකොට එකේ සීන් එකකට දැම්ම නිසා.
'' ඔයා ඉන්නේ කව්රු හරි එනකල්ද ??''
එකී යාන්තන් හිනා උනා..
'' ඔයාට මගෙත් එක්ක කතා කරන්න ඕනි කියල  මට තේරුණා. එකයි බස් දෙක තුනක් යනකල් මමත් බලන් හිටියේ'''
මට කියන්න දෙයක් හොයාගන්න සෑහෙන්න අමාරු උනා.. ඒ හිස් තැන අයෙමත් ඒ කෙල්ල පිරෙව්වා
'' මම ඉන්නේ මේ ලග..මගේ පාර ලගට මගෙත් එක්ක යමු..''
''වැස්සනේ ''
''මගේ ලග කුඩයක් තියනවා..''
ඒ තමයි මට මලී ව හම්බුන පලවෙනි දවස.. මමයි මලීයි එකම කුඩේ යටින් මහ වැස්සේ ඇවිදන් ගියා.. ගෙදරට හැරෙන පාර ලගදි වහල දාපු කඩ කාමරයක් හෙවනේ මම හංස ජෝඩුවට නොරිදෙන්න හුරතල් කරා .. පට්ට සීතලේ උණුහුම දෙන ගල් හෙවනේ මම ගුලි උනා..
'' මාව ඇවිලුනොත් ඔයාට මෙතන මාව නිවන්න බැරි වෙයි .. ඒ නිසා හෙට මම ඔයාගේ  තැනට එන්නම් ''
මලී යන්න ගියා.. මම ටිකක් වෙලා යනකල් වහල දාපු කඩ කාමර හෙවනේ උණුසුම් උනා මලී නැතුවම.. 

ටෙක්ලා එක්ක ඉන්න නිතරම මාව වැහෙන්නේ මලීගේ මතකෙන්.. මම ටෙක්ලගෙන් හොයන්නේ මලීද ???
මලීගෙන් මාව ඈතට විසි උනේ ෆෝන් ඒක විලාප තියන්න පටන් ගත්ත නිසා .. අම්මට සිරි රංගයා <<<<<<
'' යකෝ කොහෙද මක බැවුණේ???''
''මා...චා...න්..........ම..ගේ ...ගෙදර ....ඇඩ්රස් ...ඒක කියපන් ටිකක්..මම.. මේ මහරගම ඉන්නේ බන්.. ගෙදර පාර පොඩ්ඩක් කියපං බන් ...''

Monday, February 13, 2012

හතරවන කොටස

ජනෙල් කවුළුව තුලින් හමා එන සීතල සුළං රැළි මා ගත සෙමින් සිපගන්නට විය.ඇඟට හිරව තිබු ඩෙනිම් කලිසම උනා දැමූ මම සැහැල්ලු මා ආසම කහ පැහැති මල් ගවුම හැඳ නැවතත් ජනෙල් කවුළුව මත හිස තියා ගතිමි.මා සිරකාරීයකි. සියළු සැප පහසුකමින් අනූන දෙමාපිය ආදරය මැද හිරවුන ලොවට පෙනෙන්නට පමණනක් දසන් විදහා සිනාසෙන මා සිරකරුවෙකි.. කදුළු දෙනෙතට හුරුය. මා සිත විදින වේදනාව මෙලොව කවුරුන් හෝ වටහා ගනිතැයි ‍මා නොසිතමි. මා නැන්දනියගේ පුතු වන සුභාෂ් අයියා ගෙන් ලැබුනු රෝස පැහැ සුවද කැවු සටහන් පොත මා සිත විදි සියළු වේදනාවන් රැකගෙන ඇත. සීතල හිරිපොද ගත වෙලා යද්දී මා පුරුද්දට මෙන් සටහන් පොත වෙත පෑන යොමු කලෙමි.


රුදුරු විස කටු මතින්                                         
පිපෙන්නට වෙර දරන කැකුළු මල මම
වේදනා විදින සිතුවමින්
ආදරය සොයන්නට මන බඳින මම
ඔහු සොයා පියඹන්න
පියාපත් සොයා අතරමං වූ මම
කිමද මේ වසන්තය
මග බලමි නුඹ එනතුරා තවම මම

බොඳ වූ නෙත් කෙවනි මතින් නුපුරුදු අද උදෑසන හමු වූ තරුණයා මැවෙන්නට විය.. ඔහු සැබැවින්ම මා හ‍ට පෙම් කරාවිද. ඔහු තුලින් මා‍ සොයන ආදරය ලැබේවිද යන්න මා නොදනිමි.. අවුල් වූ පිරිමියෙකු මා කෙදිනකවත් පතා නැත.. නමුත් ඔහුගේ දහඩිය සුවඳ තුලින් හැමූ ඒ සුවඳ තුල සුපුරුදු බවක් මට දැනෙන්ට විය. එය මට සුපුරුදු හැගීමකි.පෙර සසරකද අපි බැඳී තිබුනේ දැයි මම නොදනිමි..එය එසේ නම්....

චූටී දුව........ එන්න තේ බොන්න...

තව දුරටත් රැදී සිටීමෙන් මව කෝප ගැන්වෙන බව හොදින් දන්නා නිසා.. දෙනෙත් පිස දමමින් මා සාලය දෙසට පියමනින්නට විය....


........................................................................................

මම ෆෝන් එක කට් කරලා කෙලින්ම කෝල් කරේ රංගයට. ෆෝන් එකේ රින්ග්ස් ගියා.මේ පරයා ආන්සර් කරන්නේ නැ..

'' ඇයි මේ ??'' ටෙක්ලා ඇහැරිලා. ''ඇදුමක් දාගන්න. පොඩි කුජීත සීන් එකක්'' එහෙම කියල මම ඇදෙන නැගිටලා  කකුල් දෙකට පෑගිලා තියන කලිසමයි ටී ෂර්ට් එකයි අරන් සාලෙට ආවා.

අයෙමත් උගේ ෆෝන් එකට කෝල් කරා

'' ඔබ ඇමතු දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත''

ටෙක්ලා දිග ටී ෂර්ට් එකක් විතරක් ඇදන් සාලෙට ආවා..

''ඔයා මේ යන්නද හදන්නේ ??''

'' ඔව්''

''අතේ සල්ලි තියනවද ??'' සුපුරුදු ප්‍රශ්නේ ටෙක්ලා ඇහුවා.

''අවුලක් නෑ.දැනට අතේ තියනවා.''

මම දොර අරගෙන මිදුලට බැස්සා.ඉස්සර ගෙදර ජනේලේ ජනෙල් රෙද්ද ඈත් මැත් උනා. හෙවනැල්ලක් එහාට උනා.

ටෙක්ලත් මිදුලට බහින්න ලැස්ති උනා.

''ඔයා ගෙට යන්න. මම ගේට් එක වහන් යන්නම් . ඔයා ඔහොම එලියට අවොත් ඉස්සර ගෙදර නාකියා හට් ගහන් පාරට බහියි  ''

 මම හෙමිහිට කිරුලපන හන්දියට ඇවිද්දා..බලු බල්ලෙක්වත් පෙන්න නැ ..මු මොන ගුලට රිංගුවද දන්නේ නැ. මම පාර මාරු උනා. කුජීත වෙච්චි හෙවනැල්ලක් වත් පෙන්න නැ.ත්‍රීවිල් කට්ටක් වත් පෙන්න නැ.. මම පයින්ම නුගේගොඩ පැත්තට යන්න තීරණය කරා.. මගේ ලගින් අවේ ටෙක්ලාගේ සුවද.මුළු ඇගේම තිබ්බේ ටෙක්ලාගේ සැප .

'' මලක් කඩන්නේ නැතුව ඉඹින්න දන්නේ නැති ,තරු පොළොවේ ගහන්නේ නැතුව එලිය ගන්න බැරි , හදේ ඉන්නේ හාවෙක් කියල හැමදාමත් පොඩි උන්ව රවට්ටන උන්ගෙන් මගේ ලෝකේ පිරිලා බන්. මට මුලින්ම උන්ව දරාගන්න බැරි උනත් දැන් ටිකෙන් ටික මට උන්ව පුරුද්දක් උනා.හැම දේටම එකම මුණ පාවිච්චි කරපු මම පස්සේ ඒ මුණ කැඩිලා සමතලා උනාට පස්සේ අලුත් අලුත් මුණු හදාගත්තා. හැම එකාටම ඒක ඒක මුණු.. එත් උබට විතරක් මම පාවිච්චි කරන්නේ මම කොලඹ එනකොට තිබුණු පස්සේ කැඩිලා සමතලා වෙලා ගිය මගේ පරණ මුණ. ''



ඇවිදගෙන යන මට ටෙක්ලාගේ වචන ආයේ අයෙමත් ඇහුන ටෙක්ලාගේ හඩින්ම..

ත්‍රීවිල් එක දෙකක් මාව පහු කරන් නතර නොකරම ගියා.පයින් ඇවිදින එකේ කිසිම අවුලක් දැනුනේ නැ.ලග තිබුණු අන්තිම සිගරට් එකත් පත්තු කරගෙන පේමන්ට් එකේ ඇන තියාගත්තා.

අපිට ඕෂෝ වගේ ආදරේ කරන්න තේරෙන්නේ නැ බන්.අපි ට්‍රයි කරනවා.එත් තාමත් අපිට වැරදෙනවා ජිවිතේ ආදරේ සම්බන්දකම් ගැන..ටෙක්ලා උඹ හරි..එක මුණක් එක්ක ජිවත් වෙන්න බැ.කාපු බීපු තැන වල සතා සරුපයා උනත් දරන ගහන ඉන්නේ නැ කියන කතාව පට්ටපල් බොරුවක් බන්. අපේ උන් ජිවත් වෙන්නේ ඊයෙත් එක්ක.ඊයේ කාපු බීපු ඒවත් එක්ක..මට මේ පිළුණු වෙච්චි ජිවිතේ එපා වෙලා ටෙක්ලා..හොයන් යන්න ඕනි අලුත් තැනක්.නිදහස් තැනක්.වෙස් මුණු නැති තැනක්......

දරාගන්න බැරි දේවල් එක්ක ජිවත් වෙනවට වඩා ඒවා කුඩු වෙන්න දීලා යන්න ඕනි බන්.

මම අයෙමත් ඇවිදින්න ගත්තා..ලියන්න බාර ගත්ත පොතක් ලියාගන්න බැරුව තාමත් හිස් කොළ ටික මගේ මේසේ උඩ බලන් ඉන්නවා. හෙටවත් ඒක ලියන්න ට්‍රයි එකක් දෙන්න ඕනි . '' අයියේ විබහගේ ඉවර උන ගමන් මමත් කොලබ එනවා ''  නංගී දවසක් එහෙම කියනකොට මම ගොළු උනා.. ඒකිට එපා කියන්න මට ඕනි උනේ නැත්තේ එකෙන් වැඩක් වෙන්නේ නැති බව මම දනන් උන්න නිසා . එකී මවන හීන කොලබදී කුඩු වෙලා යයි.ඒකිට වැරදෙයි..එත් එකේ කිසිම අවුලක් නැ . අපි හැමෝටම මුල වැරදුනා..

තනි වෙලා දිගට ඇවිදිනකොට හිතට හිතන්න දේවල් සැහෙන්න එනවා.එකක් ඉවර වෙනකොට එකක්.

මම වගකීමක් නැති පුතෙක් කියල අම්ම කිව්වට නංගී දන්නවා මම වගකීම් එක්ක ජිවත් වෙන්න තියන අකමැති කම මිසක් මගහරින එකෙක් නෙමේ කියල.

මගේ ඉස්සරහින් ඈතින් ටුක් ටුක් සද්දයක් ඇහුනා ..මම හරියටම නතර උනේ ලයිට් කණුවක් ලග .ඈතින් එන ත්‍රිවිල් එකට අතක් පාත් කරලා විසිල් එකක් ගැහුවා .ඌ මගේ මුණ ලගම බ්රේක් ගැහුවා .

''ඇඩෙනවා තනි ඇහැට කියල ත්‍රිවිල් එකේ ඉස්සරහම ගහල තිබ්බා'' සිරාවට කතාව ඇත්ත.

 '' මල්ලි කොහෙට යන්නද ?''

''නුගේගොඩට ''

මම ත්‍රිවිල් එකට රිංගුවා..

''මේ වෙලාවට ඒක ත්‍රිවිල් එක්කවත් හොයාගන්න බැනේ අයියේ '' තනියම යනවට වඩා කතාවක් දාන් යන  ඒක ෆිට් නිසා මම එහෙම කිව්වා .

''රෑට හයර් දුවන්න බයයි මල්ලි ..බෙල්ල කපල වාහනේ අරන් ගිහින් මස් කරයි ''

''හික්ස් ...කතාව සහතික ඇත්ත''

''දැනුත් මාර කට්ටක් කාල ගෙදර යන ගමන් තමයි මේ හයර් ඒක සෙට් උනේ '' ත්‍රිවිල් බුවා කිව්වා

''මොකක්ද සීන් ඒක?''

'' කන පාත් වෙන්න ගහල හිටපු මහත්තයෙක් රජ සැපක් දුන්න.. කව්දෝ මන්ද ගැනියේක්ගේ නමක් කියාගෙන ගෙවල් හෙව්වා.පිස්සු හැදුනා මල්ලි..අන්තිමේදී බැරිම තැන නුගේගොඩ හන්දියේ ආප්ප කඩයක් ලග බස්සල ආව ..හුහ් ආප්පයක් හරි කාල එන්නැතෑ '' එහෙම කියපු බුවා පට්ට චාටර් විදියට හිනා උනා..

''හුටා '' ඒක අහපු මට කියවුනේ එච්චරයි ..

Thursday, February 09, 2012

තුන්වෙනි කොටස

අතුල සර්ගෙ කාර් එකදැකලා අපි පංතියට ආවට පස්සෙයි දැන ගත්තෙ අද සර් ක්ලාස් එක කරන්නෑ කියලා.. මං දැක්කා පිරිමි ළමයි ඔක්කොම සතුටින් කෑගහපු හැටි.. ඒත් මගේ හිත ඇතුලට අමුතු පාළුවක් දැනුනා.. සමනලී මාව තේරුන් ගත්තද කියලා මම දන්නෑ.. එයාගෙ ඇස් වලත් මං ගැන අනුකම්පාවක් තිබුනා කියලයි මට දැනුනෙ..මං ගෙදර යන්න ආස නෑ.. කිසිම නිදහසක් නැති කූඩු වෙච්ච ජීවිතය ඇතුලෙ හැමදාම‍ වේදනාවෙන් පුපුරු දෙන හිත මතක් උනා..

කෙල්ලෙ.. අපි යමුද... සමනලී මගේ ලොකෙයෙන් මාව එලියට ගත්තා..

හ්ම්ම්ම්ම්.. අරමුණක් නැතුවම පියමනිමින් මා සමනලී සමග බස් නැවතුම වෙත ඇදෙන්නට විය.

‍ඒයි බලපල්ලකෝ.. අන්න ඔයාගෙ ලයින් එක සෙරප්පු හදන කෙනා ලග.

යන්න සමනලී යන්න.. ඔයා හරිම නරකයි.. බලන්න එයාගෙ හැටි..

සැබැවින්ම මා ඔහු දෙස උවමනාවෙන් බලා නැත..අද ඔහු නෙත මා නෙත් හමුවේයැයි මා කිසිලෙසකින් වත් බලාපොරොත්තු නොවූවෙමි.. පෙර දින කිහිපය ඔහු මා පසු පසින් පැමිණි බව මා දනිමි.අපිලිවෙලකට ඇති හිස කෙස් නිසාවෙන් විටක ඔහු රස්තියාදුකාරයෙකැයි සිතුයි.. කිසි පිළිවෙලක් නැති ජීවිතයක් ඔහු ගත කරන බව බැලූ ඕනෑම කෙනෙකුට පෙනෙනු ඇත. සුපුරුදු ලෙසින් වැහි පොද පොළව සිපගන්නට විය.. ඔහු දෙස කොපමණ වෙලාව් බලා සිටියාදැයි මා නොදනිමි.. මගේ සිත ඔහුට ලං වීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතු බව මා දනිමි..

බසයක් අප දෙපා අසල නැවතුන පසුව මා සමනලී දෙස බැලුවෙමි..ඇය මා‍ දෙස සිනාමුසු මුහුනින් බලා සිටී

පරිස්සමින් කෙල්ලෙ... ඔය රස්තියාදුකා‍රයො විශ්වාස කරන්න එපා..

පිස්සුද සමනලී.. ඔයා දන්නවනේ මං ඔය වගේ අයට ආස නෑ කියලා....අපි යමු මේ බස් එකේ..

සිහින් පොද යටින් කම්මැලි කමට මෙන් බස් රථය නිවස දෙසට ඇදෙන්නට විය..නිවස යමු මා හට හිරගෙයකි..මා නිවස තුල සිරකරුවෙකු මෙනැයි නිතර සිතට වද දෙන්නට විය. මේ සියළු බැඳිම් බැද මා තව මාස කිහිපයකින් උසස්පෙළ විභාගයට මුහුණ දිය යුතුය.මගේ හිත තේරුන් ගැනීමට මා අසල කිසිවෙකුත් නොමැත.විටක මා කාට හෝ ආදරය කලයුතු යැයි මා සිත වද දෙයි.නිවසින් එයට කිසි දිනකවත් ඉඩ නොලැබෙන බව මා දනිමි.. මේ සියලු බර හිස මත තබාගෙන නිවස තුලට වන්නෙමි..

මොකෝ දුව අද ගිය ගමන්..

ක්ලාස් අද නෑ අම්මා....... පිළිතුර ඇය වෙත ලබා දෙමින් කාමරය තුලට වැඳ දොරගුළු දැමූ මා ජලෙන් කවුළුව මතින් දෑස යොමා පොළව සිඹින වැහි පොද දෙස බලාගෙන තනිකම තුරුළු කරගන්නට විය..

..................................................................................................................

මම කිරුලපන හන්දියෙන් බැහැල ඉස්සරහට ඇවිදලා සන්ඝබෝදී මාවතට හැරුනා.ටෙක්ලාගේ ගෙදර ලයිට් දාල තිබුනේ .. මම හෙමින් ගේට්ටුව ඇරියා..සද්දේ දැම්මොත් අහල පහල ගෙවල් වල ඉන්න බලු පරයෝ ටික ඇහැරුනොත් ඉවරයි.දොර ලගට යනකොටම ඒක අරුනා. ''ටෙක්ලා ''

'' එන්න ඇතුලට ටක් ගාල''
ටෙක්ලා මාව ඇතුලට අරන් දඩස් ගාලා දොර වැහුවා.
''මොකක්ද සීන් ඒක ?''
''ඉස්සරහ ගෙදර නාකිය දොර රෙද්ද උස්සන් බලන් හිටිය මම දැක්කා''
''ආ .. සුපුරුදු දේ නේ මිනිහගේ ''
මම මැද සාලයේ සොෆාවේ පත බැවුනා.ටෙක්ලා ඇවිත් සෝෆා එකේ මගේ කකුල් දෙක ලග ඉදගෙන මගේ කකුල් දෙක එයාගේ උකුල උඩින් තියාගත්තා.
'' හ්ම්ම් දැන් කියන්න මොකක්ද අවුල ?''  ටෙක්ලා ඇහුවේ මගේ කකුල් දෙක මිරිකන ගමන් . පට්ට සැප
'' ඇයි අවුල් උනාම විතරද මම මෙහෙ එන්නේ ?''
''අනේ මේ මගෙන් ප්‍රශ්න අහන්නේ නැතුව අහපු එකට උත්තරයක් දෙන්න..'' ටෙක්ලා දකුණු කකුලේ මාපඩඇගිල්ල ටක් සද්දෙට ඇද්දා.
''අද බෝඩිමේ පාටි එක'' මම කම්මැලි කමට කියල දම්ම.''
''ඉතින් මේ පන්ඩිතයට දිරවන්නේ නැති මොකක් හරි වෙන්නැති'' ටෙක්ලාට සිරාවට මාව කියවන්න පුළුවන්. එකී මගේ කකුල් දෙක පපුවට තියල තද කරගත්ත .. හිර වෙලා මිරිකිලා  ඉන්න හංසයෝ නිදහසේ පියබන්න පට්ට ඕනි කමකින් ඉන්නවා කියල දැනුනා. එත් මං හිටියේ අම්බානක මල පැනපු මුඩ් එකක.
'' අයියෝ මොකද උනේ කියල කියන්නකෝ ''
''අපේ උන් සෙට් උනා.මමත් දෙක තුනක් දැම්මා.ජොයින්ට් පාරකුත් ඇද්දා. උන් ටික ඔය ගැන කියල ආතල් ගන්න පටන් ගත්තනේ..උන් හැම එකාම කතා කරේ උබත් එක්ක බුදිය ගත්ත විදිය .''
ටෙක්ලා හයියෙන් හිනා වෙන්න ගත්තා.
'' ඉතින් ඔයාට එකට මල පැන්නා. හිනාව අස්සෙම එකී ඇහුවා.
''මල පැන්නේ උන් උඹ එක්ක බුදියගත්ත ඒකට නෙමේ බන්. මට දිරෙව්වෙ නැත්තේ උන් හැම එකාම එතන පොර වෙන්න හදපු හැටි. උන් කතා කරන්නේ මාර නිදහස් අමු සත්තු වගේ.. එත් පොඩි ඉඩක් හම්බුනාම හැම එකාම හදන්නේ පොර වෙන්න. .දෙකක් දාල ජොයින්ට් එකක් ඇදල ආතල් එකේ ඉන්නකොට ඒ ආතල් අස්සේ අපේ උන් පොර වෙන්න පොරකනකොට මගේ ආතල් දුවනවා හැරෙන්නෙත් නැතුව .''
ටෙක්ලා සුසුමක් හෙලුවා..
''ඔයා හිතනවා වැඩි''
''මම ආතල් කුඩු කරගන්නේ නැතුව මෙහෙ ආවා.''
ටෙක්ලා මට ලං උනා.මම හිනා උනා.. මට හොදට වැදිලා තිබුනේ.ටෙක්ලා මාව තදට ඉම්බා.මම හිනා උනා..මට හොදටම වැදිලා හිටියේ. ටෙක්ලා සම්පූර්ණයෙන්ම මාව වහගත්ත .සුවදයි.. පිච්චුනු මල් සුවද එක්ක නාහේ අස්සට රිංගුවේ මට පුරුදු ටෙක්ලාගේ සුවද..  '' කාමරේට යමුද  ''
''මෙතන හොදයි '' මං කිව්වා


සිවිලිමේ හයියෙන් කරකැවෙන ෆෑන් එක වගේ මගේ හිතත් පට්ට වේගෙන් හැම තැනම දිව්වා .මාසේ අන්තිම අම්මට බෙහෙත් ගන්න කීයක් හරි යවන්න ඕනි ..නංගිගේ පොතට ගානක් දාන්න ඕනි . තාත්තගේ දානේ..
''පොත් ලියල හම්බ කරන්න බෑ බන්'
''හ්ම්ම්''
ටෙක්ලා නින්දෙන් උත්තර දුන්නා.
තේරුමක් නැතුව ජිවිතේ ඇවිදින එකෙත් තේරුමක් තියනවා. මම ටෙක්ලට තුරුල් උනා. තේරුමක් නැති ජිවිතේ අහම්බයක් වෙන්න මම ආසයි .මම ටෙක්ලාගේ දිගැටි ගෙල සෙමෙන් සිප ගතිමි ..

''මම හිස් වෙලා බන්.ලියවෙන්නේ නෑ මට දැන් .''මම ඇගෙ ලැම මත මගේ සුසුම් සැගවීමි.. ''  ඇද ඇතිරිලි අතර  සැගවී  තිබු ජංගමයා කෙදිරි ගාන්නට විය..
''අඩෝ කොහෙද ඉන්නේ ? '' කන ලග බෙරිහන් දුන්නේ වත්තේ ලයනල් ය.
'' කියපන් මොකක්ද සීන් එක ?''
'' අන්න රංගය කන පාත් වෙන්න බීල කිරුලපන හන්දියේ ටෙක්ලාව හොයනවලු '' .......................
                                                 

Wednesday, February 08, 2012

දෙවනි කොටස

සීතල වැහි පොද වැටෙන ‍ගුරු පාර මතට කුඩය යටින් ගමන් කරන්න සිදු වූවද වැහි පොද යටින් යන්නට මා සිත පොර‍බඳින්නට විය. නමුත් අම්මා මා දෙස තවමත් බලා සිටින බව මා දනී. ආශාවෙන් පොරකන සිත තුලට යම් සහනයක් හෝ දෙමින් මඩ වලවල් මැදින් ඉක්මන් ගමනින් යෑමෙන් මිහිරි සුවයක් විදින්නට විය. ‍දනහිස දෙසට නමා ගත් ඩෙනිම නිසා නිරුවත් දෙපා මතට මඩ වතුර වැදීමෙන් සියොලඟ සීතලෙන් වෙලාගන්නට විය.තනිකමට හැමදාම ඔච්චම් කරන සීතල අදත් පුරුදු ලෙස එසේ කරනවාදැයි විටක මට සිතුණි. බස් නැවතුම මිනිසුන්ගෙන් පිරි පැවතුන නිසාත් තවත් එක මොහොතක් සිතල පිණිපොඳ වල සිසිලස විදිම සදහාත් මා කුඩය යටටම වී සිටියෙමි.

සුපුරුදු ලෙසින් මිනිසුන්ගෙන් පිරිණු බත් රථය ආයාසයෙන් බස් නැවතුම වෙත ලගා වුන පසු උදෑසන පොරකන මිනිසුන් මැදින් මාද බස් රථය තුලට විසි වී යන ලදී. වෙනදා නම් වෙනත් බස් රථයක් එන තෙක් රැදී සිටියද ප්‍රමාද වී සිටි නිසාවෙන් එසේ කිරීමට නොහැකි විය.වැසි වැටුන නිසා වසා දැමු කවුලු ඇති බස් රථයක ගමන් කරනවා යනු මා අකමැතිම ක්‍රියාවකි.නමුත් සමනලී මා වෙනුවෙන් බලා සිටින බව සිහිවීම ඒ පිලිකුල් හැගීම අභිබවා ගිය දුකක් ඇති වන්නට විය.

නුගේගොඩ හංදියෙන් බසයෙන් බැස සමනලී සොයා ගෙන දුව යන්නට විය. නො‍හිතූ ලෙස රේල් පාර අසල පලතුරු කඩේ අසලදි කොල්ලෙකු ඇගේ ගැටුනි. මා ඔහු මීට පෙර දැක ඇති බව මතක් වූයෙන් ඔහු පිළිබඳ සිහි කරන්නට විය.පෙර දින කිහිපයක්ම ඔහු මා පසු පස ආ බව මට මතක් වූයේන් අපිරිසිදු හැදුමින් සිටි ඔහු ගැන පිළිකුලක් මෙන්ම තරහවකින් සිත පිරී ගිය අතර සමනලී සොයා යෑම හදිස්සි වූයෙන් ඔහු අමතක කර නැවතත් දුව ගියෙමි.

ආහ්.. කෙල්ලෙ.. මොකෝ මේ හති දාගෙන..

සුපුරුදු සිනහවෙන් සමනලී මා පිලිගැනිම සිතට යම් සහනයක් වූ අතර පෙරලා ඇයට සිනහවකින් ප්‍රථිචාරයක් දැක්වීමට අසාර්ථක උත්සහයක යෙදුනි.

මොකො කෙල්ලෙ උදේන්ම කේන්ති ගිහින්.. අම්මා බැන්නද.

නෑ සමනලී.. අද අර කොල්ලා මගේ ඇගේම හැප්පුනානේ..මොකෙක්ද මන්දා ඌ නන්.

කවුද අනේ ඒ කොල්ලා

ඇයි අනේ ඊයෙත් හිටියෙ රේල් පාර ලග මං දිහා බලාගෙන.. මං ඔයාට පෙන්නුවෙ.

ආහ්.. ඉතින් එයා ඔයාට ආදරේ කරනවා ඇති.

යන්න සමනලී යන්න.. ඔයා හරි නරකයි..හැටි විතරක් ඌගෙ..

අතුල සර් ගේ මෝටර් රථය අප පසු කර ගිය නිසාවෙන් පොත් මිටිය තුරුළු කර සමනලී මා වෙනුවෙන් වෙන් කර තිබූ අසු වෙත පිය මනින්නට විය.

...........................................................................................................................................................





ටෙක්ලා පට්ට.. එකී ඉන්නේ කිරුලපන .බැලුවත් නගින සයිස් එකේ කෑල්ලක්..කීයක් හරි අතට හම්බුන දවසට අපේ සෙට් එක යන්නේ ඒකට බහින්න.අතේ පිච්චියක් නැති උනත් ටෙක්ලාගේ සැප මට වැරදුනේ නැ.පෙර පින බන් .මේ දවස් වල මගේ බුදු ෆිට් එකක් කන පාත් වෙන්න ගහල කතා කරන්නෙම ටෙක්ලා ගැන..ඌට ටෙක්ලව බලන්නම ඕනි කියල මැරෙන හදනවා. එත් ඌට ලව් කරන කෙල්ලෙක් ඉන්න නිසා මන් ඒ පව් වැඩේට අත ගහන්න කැමති නැ. මන් කන  බොන වෙලාවට සතා උනත් දුක දන්නා මිනිහ.ටෙක්ලව එක පාරක් හම්බුනොත් ආපහු හැරීමක් නැ. කෙල්ල අදින්නේ පට්ට තදට..අයෙත් ඉග සුග විතරක් නෙමේ හංස ජෝඩුව හුස්ම හිරවෙලා මැරෙන තරං තදට.
ෂුහ් .. මතක් වෙනකොටත් පියබල යන්න හිතෙනවා.

ටෙක්ලා ගැන හිත හිත මන් සිගරට් එකක් ගන්න එහා පැත්ත කඩේ ලගට යන්න අඩිය තියන්න හදනකොටම කොහෙන්ද මන්ද දුවන් ආපු ගෝන නෑම්බියක් මගේ ඇගේ හැප්පුනේ අයෙත් සොරිම වෙන්න. ''ඇයි නංගි මාන්දම වගේද'' කියල අහන්න හැරෙනකොටම එකී දුන්නා ලුක් එකක් මාව නිකන් ගල් ගැහුනා .පුදුම එරවිල්ලක්නේ .එකී නිකන් මන් දිහා කට ඇද කරලා බැලුවේ ගැඩවිලි පණුවෙක් දිහා බලනවා වගේ .මුකුත් කියන්නත් කලින් එකී දිව්වා සලාගේ පන්තිය ඇතුලට..මන් නිකන් බලහත්කාරකන් කරන්න පස්සෙන් පන්නනවා වගේ එකී දිව්වේ. මොනවා උනත් කෙල්ල අවුලක් නැ .. ටෙක්ලා එක්ක බලනකොට කොට්ටෙන් මුණ වහල මොකක් හරි කරගන්න පුළුවන් එකියක්. හික්ස්..

මම සිගරට් එක පත්තු කර ගන්නකොටම බුක්ක කඩාගෙන පාත් උනා.
''ඇයි හු.... පරක්කු උනේ''
''නුගේගොඩ හන්දියේ නැති වෙන්න ට්‍රැෆික් මහත්තයා. ''

බුක්කා හිත හොද මිනිහ .මන් දැන් ඌව දන්නේ අවුරුදු 3 ක් තිස්සේ.දෙන්නේ හොද බඩු..අයෙත් නැ ගැහුවහම නැති වෙනවා .මම බුක්කට සල්ලි දීල බඩු පැකට් ටික සාක්කුවේ ඔබා ගත්තා.යන්න හැරෙනකොටම දාන් හිටිය රබර් සෙරෙප්පුවෙන් එකක් මුලින් කැඩිලා ගියා.'' පාන්දරම කරුම දෙනවා'' අයෙමත් තනි කකුලෙන් මාර ගහ යටට ගිහින් යාන්තන් සෙරෙප්පුව අටවා ගත්තා .. යකෝ අපිටමනෙ රබර් සේරෙප්පුවත් කෙලවන්න එන්නේ. පාරට අඩිය තියනකොට තමයි මට මීටර් උනේ අර ඇගේ හැපිච්ච ගෝන නැම්බි තව කෙට්ටු කැහැටු කෙල්ලෙක් එක්ක මගේ දිහා බලාගෙන හෙන පත කතන්දරයක් කියනවා . මේ මොන මගුලක්ද ?

Monday, February 06, 2012

පලවෙනි කොටස.

සීතලට පොර බඳන මහ රූස්ස ගස් හෝදගෙන ගුරුපාර මතට වැටෙන වැස්ස යටින් අතරමං වෙච්ච හිත ගමනක් යන්න හදන බව නිකමටවත් මට හිතා ගන්න බැරිව හිටියේ.සීතලට ජනේලට ඇතුලෙන් ගලාගෙන එන  හිරිපොද වැස්සට මං හැමදාම ආදරේ කරත් කූඩුවක් ඇතුලෙ හිර වෙච්ච මගේ ජීවිතේට කවදාවත් ඒ හීනය හැබෑවක් නෙමෙයි කියලා මං දන්නවා.. උදේ පාන්දරම නැගිට්ටේ අද තියන අතුල සර්ගෙ පංති යන්න ඕනි නිසා..බැරි වෙලාවත් පරක්කු උනොත් සමනලීටයි මටයි අදත් එලියෙ තමා ඉන්න වෙන්නේ.. සීතලට ගල් ගැහුණ කකුල් දෙක ඇදෙන් බිම තිබ්බේ වෙන කරන්නම දෙයක් නැති නිසා.උදේ පාන්දරම අම්මගෙ ගෝරනාඩුව


යසයි කෙල්ලෙක් හැදෙන හැටි.. බලනවා දැන් වෙලාව කීයද කීයලා.. 6ත් පහුවෙලා.. යනවා ගිහින් මූණ හොදගෙන එනවා..


මොකක්ද අම්මා.. උදේපාන්දරම කෑගහන්නේ... තාම හයයි කාලයිනේ..මට බඩගිනී අම්මා........


ඔවු.. අම්මා ඉන්නවනේ දුවට බත් තම්බ තම්බ දෙන්න.. හොදට හීටී ගෑණු ළමෙක් ‍ඔහොම හැදුනම..


තව දුරටත් රැදී සිටිමෙන් සුපුරුදු දේශනාවට සවන් දීමට සිදුවන නිසා නානකාමරයට ගොස් දොර තදින් වසා ගතිමි..සීතලට හිරිගඩු ගත වෙලා තිබියදි වෙනදාට නම් සිත තුල දෝරෙ ගලා යන කම්මැලිකමක් පැතිරුනද අද වේලා ගත වූ නිසාවෙන්දෝ දොර වැසූ විගස නිදන ඇදුම උනා දමා වතුර මල වෙත හිස ඔබා ගතිමි.


සමනලීට මා එන තෙක් අදත් බලා සිටීමට සිදුවනු ඇත..ඇය පෙර දින මෙන් නොසිට පංතිය ඇතුලට ගොස් මා වෙනුවෙන් බංකුවෙ ඉඩක් තබා සිටින බවට පොරොන්දු වූ නිසා හිතට යම් සහනයක් ගෙන දුනි. සුපුරුදු ඩෙනිම් කලිසමින් හා සැහැල්ලු ටී ෂර්ටයකින් සැරසුන මා කෑම කාමරය වෙත ගියේ තරහෙන් ඔරවාගෙන සිටින මව වෙත ඔච්චමක් සිදු කරමින. 


ගෙදර එකම දරුවා වූ මා හට අම්මාගෙන් හා අප්පච්චීගෙන් ලැබුණ ආදරය මහමෙරක් විය. විටක එය වදයක් විය. මා කෙදිනකවත් ඔවුන්ගෙන් වෙන්ව ගතකොට නැත.. මා හට සවස 5න් පසු ගෙදරින් පිට සිටීම තහනම් විය.මාගේ පියානන් පොලිස් දෙපාර්තුමේන්තුවේ ඉහල තනතුරක් දරණ නිසාවෙන්දෝ නිවස තුලද පැවතියේ නීතියෙන් වට වුන ඒකාකාරී පරිසරයකි. කොපමණ ආරක්ෂාවක් පැවතියද මා ජීවිතය විටක මටම එපා වූ එකක් විය.. යහලුවන් ඇසුරට හෝ හමුවීමට පියානන්ගේ අවසර ගත යුතුය..කෙල්ලෙක් වී ඉපදුන නිසාවෙන් දෝ මා හිතට වද දෙන නීතී වලින් බැඳි යදම් වලින් ‍තොර ‍නිදහසක් කෙදිනකවත් මා හට අත්විදින්නට නොහැකි වී ඇත.සමනලී යනු මාගේ පාසල් මිතුරියකි. ඇය මේ සියල්ල දෙසම අනුකම්පාවෙන් බලා සිටිනවා හැර ඇයද අසරණය.. නමුත් මා සිතට යම් හෝ සහනයක් දෙන මිතුරියකට මා හට සිටියේ ඇය පමණි.

..............................................................................................................................................


මම හිටියේ මහ පාරේ කට්ට අව්වේ ඇවිද ඇවිද තේරුමක් නැතුව.අව්වට වේලිලා ගියපු දුවිල්ලෙන් වැහිලා ගියපු පාරේ මම හයියෙන් ඇවිද්දා.. රෝස පාට සාරියක් ඇදගත්ත හීනි කෙට්ටු සුදු පට්ට කෑල්ලක් මගේ ඉස්සරහට අවා.. සුවදේ බැරුව .මම ඒ සුවද පාර දිගේ ඇවිද්දා .. එකී පස්ස හෙල්ලුව හෙල්ලිල්ලක් .පික්සු හැදුන.මගේ ඇස් දෙක එහාටත් මෙහාටත් ඇය පා තබන ලතාවට පැද්දුනා.ඇය ඉක්මන් කරා..මමත්.. ඇය යන්තමට පිටිපස්ස හැරිලා මගේ දිහා බැලුව .මම යන්තන් හිනා උනා.. ඇය මගේ හිනාවට යාන්තන් විතර මගේ පැත්තට ඇල උනා. මම තවත් හිනා උනා .එකී තවත් ඇල උනා මගේ පැත්තට..අම්ම ගහයි බැට් එකෙන්..මගේ සුසුම් වැදෙන තරමට එකී මගේ ලග .. සිරා බන්.


''අඩෝ වල් පරයෝ නැගිටපිය.. බලපන් හිනා වීගෙන පත බෑවිල ඉන්න කැත.''


මගේ පුකට පයින්  පාරක් වැදුනා .හීනේ කුඩු වෙලා පට්ට කෑල්ල බොද උනා.


'' එපා යකෝ පුකට අනින්න ''  මම ඇදෙන බැස්සා.


''තෝ ඊයේ  කන පාත් වෙන්න බීල වටේ උන්ට පුක දුන්නද ?නැගිටලා පලයන් නුගේගොඩ සලාගේ පන්තියට. ගිහින් බඩු ටික උස්සන් වර .නැත්තන් ඇද රැට වේලෙන්න වෙන්නේ. ''


අමලයාගේ උපන්දිනේට අපි අද රැට සෙට් වෙන්න හදන්නේ .අමලයා මගේ බුදු ෆිට් එක .. බෝතල් තිබ්බට ජොයින්ට් එකක් නැතුව පාටිය නැගල යන්නේ නැ.හොද බඩු ගන්න්න නුගේගොඩ සලාගේ පන්තිය ලග පලතුරු කඩේ බුක්කා හම්බෙන්න යන්න ඕනි. සලා උගන්නන්නේ ගණන් . එත් මන් නං ඌ ගණන් පාස් ද කියල හාන්කවිසියක්වත් දන්නේ නැ . උගන්නන්න නං දැනන් ඉන්න ඕනි ද බන් දැන් ..


ගිනි කාස්ටකේ මන් ඇවිදන් ගියා සලාගේ පන්තිය ලගට .. වල් බුක්කා කඩේ වහලා. එත් කියපු හැටියට ඌ දැන් එන්න ඕනි .. ෆොනේ එකේ සතයක් තිබ්බේ නැ. මම පන්තිය ලග තිබ්බා මහා පතාක මාර ගහේ කදට හේත්තු වෙලා බලන් උන්නා..අම්මට සිරි ..පන්ති යන පොඩි ගැට දැක්කම පිෂ්සු හැදිලා ආයෙත් හැදෙනවා .උන් මන් දිහා බල බල අබරලා යන්න ගියා .. පුසුබේ බෑ. මේ වෙලාවට තමයි දත කාල ඉන්න බැරි. දවස් ගානක් යනකල් මන් උන්නේ වේලිලා.. අද ටෙක්ලට කෝල් එකක් දීල ඒ පැත්තේ යන්න ඕනි .ටෙක්ලා කියන්නේ අපේ යාලුවෝ සෙට් එකම උස්සන කෑල්ල.. ටෙක්ලා පට්ට..